Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.
Showing posts with label Around The World. Show all posts
Showing posts with label Around The World. Show all posts

Thursday, September 17, 2015

ආයුබෝවන්...!
රාවනා චරිතය පිළිබදව විවිධ කථිකාවන් සිදුවන වර්තමානයේ අපි ඔබේ අවධානය ලෝකය වෙතට යොමු කරවන්න හිතුවා. එහි දී දැනගන්නට ලැබුණ කරුණු අනුව රාවනා චරිතය පිළිබදව ලෝකයේ ඇති උනන්දුව සහ ඔවුන් ඒ හරහා ගොඩනගන යම් යම් කාරනයන් පුදුම සහගතයි. ඒ අතරින්, ප්‍ර‍ධාන කොට ඉන්දියාවත්, ජපානය සහ ඇමරිකාව සිටිනවා.
රාවනා ඉතිහාසය ගැන සිංහලයන් වන අපට වඩා උනන්දුවක් කැපවීමක් ඉන්දියානුවන් තුල වීම පුදුම සහගතයි. පුරාවෘතය කුමක් වුවත් රාවනා නම් චරිතය යථාර්තයක් කරන්නට කළහැකි සෑම උත්සාහයක්ම ඉන්දියානුවන් දරනවා. ඔවුන්ගේ අවාසනාවට සාධක සියල්ල ලංකාව තුල වීම නිසා රාවනාගේ රාජධානිය බවට ඔවුන් පවා පිළිගන්නේ ලංකාපුරයයි. කරුණු එකින් එක ගෙනහැර දක්වමින් ඔවුන් එය ඔප්පු කරවනවා. ඉන්දීය ඉතිහාසය රාවනා හරහා ගොඩනගන්නට ඉන්දියානුවන් විසින් මෙතරම් වෙහෙසක් දරන්නේ ඊට වඩා බලගතු මෙන්ම ප්‍ර‍භල සාධකයක් ඔවුන් අහලකවත් නොමැති නිසයි. නමුත් ඒ හරහා නිරායාසයෙන්ම ලංකා රාජ්‍යයේ රාවනා අභිමානය මතුවෙනවා.
මේ අතර ඉතාමත් දියුණු ජාතියක්, රටක් වන ජපානය පවා රාවනා ඔවුන්ගේ දරුවන්ගේ මනසට ක්‍ර‍මාණුකූලව ඇතුලු කරවනවා. ඒ වෙනුවෙන් නිර්මාණය වූ පරිගණක ක්‍රීඩා ඊට උදාහරන දෙනවා. රාවනාගේ බල පරාක්‍ර‍මය එතුමාගේ විවිධ හැකියාවන් එහිදී ඔවුන්ට හදුනාගත හැකියි. රාවනා උද්‍යානයේ උමංමාර්ග, කදු හෙල් මිටියාවත් දිගේ යමින් සතුරන් පරාජය කරන රාවනා නම් වූ යක්ෂ සේනාධිපතියාගේ වික්‍ර‍මයන් ඒ හරහා දැකගත හැකියි.
මේ අතර ඇමරිකානුවන්ටත් රාවනා ඉල්ලමක් වන ලකුණු පහළ වී ඇත. මේ වන විටත් රාවනා පුරාවෘතය සම්බන්ධ කථාමාලාවන් සහ තිරපිටපත් සැකසෙමින් පවතිනවා. ඒ හරහා රාවනා පරපුරේ බල පරාක්‍ර‍යන් විවිධ කෘතීන් හරහා ලෝක සිනමාවේත්, වෘතාන්ත චිත්‍ර‍පට වලත් නුදුරේදීම අපටත් දැකගත හැකිවෙයි.
ශ්‍රී ලාංකිකයන්ට නොදැනුනත් රාවනා මේ වන විටත් ලෝකයම වෙනස් කරමින් සිටී. එයයි සිංහලයාගේ චිත්තවේගී අභිමානය. සත්‍ය සගවාලිය නොහැක. අපේම උන් එය යටගැහුවත්, එය තාවකාලික විරාමයක් පමණි. ලොව කොතැනකින් හෝ රාවනා නැවත කරලියට පැමිනෙනු ඇත.
මෙහිදී ඔබට කරන්න කිසිම දෙයක් නොමැතිනම්, බලා සිටින්න.... රාවනා නැවත මතුවනු ඇත.
තෙරුවන් සරණයි...!!! 

Post eka Issuwe FB ekeni...

Tuesday, September 15, 2015

== Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක==

.
හෙට එලියට දාන්න හිටියට තියෙන වැඩත් එක්ක මේකේ script එක ලියලා ඉවර කරගන්න බැරි වෙනවා.. ඒක නිසා අදම දැම්මා
grin emoticon  කොහොමහරි එහා ගෙදර එකා   ගේ මැෂින් එකෙත් දහවතාවක් විතර ටෙස්ට් කර කර බලලා තමයි වැඩේ ඉවර කරගත්තේ.. 
tongue emoticon 
මේකේ එච්චර ලොකු දෙයක් නම් නෑ. ප්‍රෝග්‍රෑම් එක open කරන්න admin permission අනිවා දෙන්න වෙනවා. නැත්නම් network Identify කරගන්න මෙයාට බැරිවෙනවා. Program එක ඩවුන්ලෝඩ් කරගෙන Open කරගත්තහම මේ වගේ ගොරකා පාට window එකක් open වෙයි. pacman emoticon
*. Get Real-time proxies කියන එක click කරහම, internet එක හරහා proxy 30ක් විතර මෙයාම තනියම හොයාගන්නවා..
*. එහෙම නැත්නම් Import by TXT කියන option එකෙන් අපි ගාව තියෙන proxy list එකක් browse කරලා import කරගන්නත් පුළුවන්.
*. ඊට පස්සේ කැමති proxy එක තෝරලා, Change IP කියන එක click කරහම අපේ IP එක වෙනස් වෙනවා. හරිම සිම්පල් ප්ලෑන් එකක් තියෙන්නේ.. grin emoticon
*. ඒත් සුවර් නැත්නම් google එකට ගිහිල්ලා my ip කියලා ගහලා IP එක වෙනස් වෙලාද කියලා බලාගන්න පුළුවන්.. grin emoticon
*. ආයෙත් අපේ පරණ IP එකටම එන්න ඕන නම් Bring me back to Real IP කියන එක click කරන්න.
එහෙනම් එච්චරයි, අපි කැපුනා.. ආ පොඩ්ඩක් ඉන්න.. Download කරගන්න ලින්ක් එක දාන්න බැරි වුනානේ.. grin emoticon
For Windows 7 :- https://www.dropbox.com/s/50vym40ftimfxvj/EazyRouteIP_win7.zip?dl=0
For Windows 8/8.1/10 :- https://www.dropbox.com/s/13gcjiy7lyfymqe/EazyRouteIP_win8-10.zip?dl=0
හරිනේ.. දැන් එහෙනම් අපි කැපෙනවා..
අවුලක් තිබ්බොත් කමෙන්ට් එකක් දාගෙන යන්න.. smile emoticon 


Uputa geneema RksIni LK ගෙනි...




IP එක වෙන country එකකට change කරගන්න/hide කරගන්න ඕන වුනහම මොකක්ද කරන්නේ? grin emoticon 
ගොඩක් වෙලාවට අපි Hostpotsheld, CyberGhot වගේ එකක් use කරනවා. ඒවා use කරන අයට තියෙන කරදරේ තමයි free version එකේ ads පෙන්නන එක. Crack එකක් හොයාගත්තත් ගොඩක්ම තියෙන්නේ virus. 
ඒක නිසා ඔන්න මගේ යාලුවෙක් පොඩි proxy කට්ටක් ලියනවා. ඔක්කොටොම free දෙන්නේ ඇ.. grin emoticonහෙට එලියට දාන්නම්..

Uputa geneema RksIni LK ගෙනි...



Hacking කියන වචනේ අල්ලාගෙන පිස්සු කෙලින මල්ලිලට මේ කියන්නේ (ඔව් මම අයියා තමයි sunglasses emoticon ) 
film දෙක තුනක් බැලුවා කියලා, youtube එකේ තියන වීඩියෝ එකක් බැලුවා කියලා ,underground forum එකක මෙම්බර් කෙනෙක් වුනා කියලා හැකර් කෙනෙක් වෙන්න බෑ. ගොඩක් එවුන් hacking කියන වචනේ ඔලුවට දාගන්නේ වයසේ වැරැද්ද නිසා. උන් hacking ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව අහුවෙන අහුවෙන එකාට මම හැකර්-මම හැකර් කිය කියා යනවා. ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ forum වල එක එකාට වැද වැද යනකොට deep web අනන්මනන් කෑලි ටිකකුත් අහුවෙනවා. ඊට පස්සේ ඉතින් හැකර් කියන්නේ මටම තමයි කියලා හොද කාඩ් එකකුත් ගහගන්නවා.. තව මදි නම් blog එකක්, එහෙම නැත්නම් රට පුරා spam පාරක් ගහලා forum එකක් හරි පටන්ගන්නවා.. grin emoticon ඒත් ගොඩක් එවුන් "hacking" කියන වචනේ කොච්චර දුරට ව්‍යාප්ත වෙලා තියෙනවද කියලාවත් දන්නේ නෑ.
මේකේ නීතිමය පැත්ත ගත්තොත් "2007 අංක 24- පරිගණක අපරාධ පනත" හරහා තමයි දඩුවම ලැබෙන්නේ.. hack කරනව් වගේම, hacking කියලා දෙනවා කියන්නේ ඒකෙ හැටියට වරදක්. වැරැද්දේ හැටියට ජීවිතාන්තය දක්වා වුනත් අච්චුව තියන්න රජයට බලතල තියනවා. තව එකක්, මේ ලෝකේ anonymous කියලා දෙයක් නෑ. networking වගේ කරන අය නම් දන්නවා මොකක්ද මම කියන්නේ කියලා. IP එක hide කරා කියලා, tor හරහා tunneling පාරක් දැම්මා කියලා කාටවත් හැංගිලා ඉන්න බෑ. ඒක නිසා වැරද්දක් කරොත් අනිවාර්යෙන්ම ගෙදරටම ඇවිල්ලා කුදලාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. grin emoticon
සුද්ද සිංහලෙන්ම කිව්වොත් hacking කියන්නේ නීති විරෝදී වැඩක්.. අහු වුනාට පස්සේ ලංකාවේ නීති වල හැටියටනම් කෙලින්ම ඇතුලේ.. හතර වෙනි තට්ටුවට අරගෙන ගිහිල්ලා @ට දෙක ලාච්චුවට දාල ප්‍රශ්න කරනවා. එතකොට කොහොමද සනීපේ. එළියේදී සද්දේ දාන ඕන චන්ඩියෙක් හතර වෙනි තට්ටුවේදී හොටු පෙරාගෙන අඩනවා.pacman emoticon
අනිත් එක උබලා හිතනවද hacking කරලා හිරේ ගියා කියලා එක වීරකමක් වෙනවා කියලා? නෑ බන් උබ වැරදියි. උබ ඇතුලට ගිහිල්ලා එලියට ආවත් සමාජෙන් උබට ගහන්නේ අර කුඩුකාරයටයි, තමන්ගේ අම්මව මරපු මිනීමරුවටයි ගහන කාඩ් එකම තමයි. උබ හෙන මොලයක්, උබ තමයි වැඩකාරයා කියලා උබව කම්පැනි එකකින් වැඩට ගනීවි කියලා හිතනවද? නෑ බන් ඒත් නෑ. ඕනම කම්පැනි එකක තියනවා "විශ්වාසය" කියලා එකක්. අන්න ඒක උබ ඇතුලට යනකොට කඩලා ඉවරයි. ලංකාවේ කම්පැනියකින් උබට ඉන්වයිට් එකක් ආවොත් එන්නේ ඒ වගේම දෙකයි පනහේ එකකින්ම තමයි. පිටරට නම් ඕක කරන ක්‍රමවේදය මීට වඩා වෙනස්. ලංකාවේ අපිට නම් ඉතින් හොදට තියෙන @ට දෙකත් තලාගෙන පැත්තකට වෙලා ඉන්න තමයි අන්තිමට ඉතුරුවෙන්නේ.. grin emoticon
-අදට එච්චරයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි. මට දැන් නිදිමතයි. මම කැපුනා.
ජය~! grin emoticon
වැරදි තියේනම් ශේප් එකේ හරිගස්සපන් ඇ. 


Uputa geneema RksIni LK ගෙනි...

Saturday, September 12, 2015



උඹලගෙ ඔය ෆෝන් වල තියෙන ලිතියම් බැටරි පුපුරනව  බය වෙන්න එපා, රත් වුණොත් තමා පුපුරන්නෙ. ඒ ඇයි?
අපි ඊට කලින් මුල ඉඳන් බැටරි ගැන පොඩ්ඩක් ඉගෙනගමු.
(දිග කතාවක්, ඉගෙනගන්න ආස, මොළේ පිහිටලා තියෙන උන්ට පමණයි. මොළේ මැටි නම් කියවන්න එපා)
.
ලිතියම් අයන් බැටරි කියලා තමා ඕවට කියන්නෙ. යාන්තම් විද්‍යා විශයයක් අතගාපු සූ කොල්ලොත් දන්නව බැටරියට අග්‍ර දෙකක් තියෙනවා, එකක් ඇනෝඩය (ධන) අනික කැතෝඩය (සෘණ). අපි බලමු ලිතියම් අයන් බැටරි ඇතුළ කොහොමද, මොනාද තියෙන්නෙ කියලා.
.
ලිතියම් අයන් බැටරි වල ඇතුළේ ඇනෝඩය සහ කැතෝඩය වෙන් කරන්නේ සන්නායක තරලයකින්  ඒ කිව්වේ කරන්ට් එක යන දියරයක් බං. (විච්ඡේද්‍ය) ඔය බැටරි අස්සේ තියෙනවා නිකල්, කොබෝල්ට් , මැංගනීස්, ඔක්සිජන් වගේ මූලද්‍රව්‍ය. හරිය?
.
අලුත් බැටරි වල (අලුතින් එන ඒවගෙ බං) බැටරියේ උෂ්ණත්වය මනින අනන් මනන් සර්කිට් පවා ඔය බැටරියෙ තියෙනවා. ඒවා වැඩක් නෑ මෙතනට.
.
කොහොමද ලිතියම් අයන් බැටරි චාජ් වෙන්නෙ?
.
ඕක චාජ් වෙද්දි වෙන්නෙ, විද්‍යුතය විසින් කැතෝඩයෙන් ග්‍රැෆයිට් ස්ථර වලින් හදපු ඇනෝඩයට ලිතියම් අයන් අණු යවන එක. ඒ යවන්නෙ
අයන් මිශ්‍ර විද්‍යුත් විච්ඡේද්‍ය දියරය හරහා. විද්‍යුත් විච්ඡේද්‍ය කියන්නේ ඇනෝඩයයි කැතෝඩයයි ඔබන දියරයට කියලා ටිකක් මතක ඇති. (ඕ ලෙවල් සයන්ස් ඈ. මතකයි නම් හොඳයි මතක නෑ නම් ඒත් හොඳයි
.
බැටරිය බහිද්දි වෙන්නෙ අර ඇනෝඩයට ගිය ලිතියම් අයන් අණු ටික ආපහු කැතෝඩයට යන එක. තේරුන්නෑ නෙ?  හා කමක් නෑ.
.
දැන් පේනවනෙ මේක චක්‍රීය ක්‍රියාවලියක්. චාජ් වෙද්දි ලිතියම් අයන් අණු ටික ඇනෝඩයට යනව, බහිද්දි ආපහු කැතෝඩයට යනව. ඔහොම චක්‍ර සීමිත ගාණක් තියෙනවා. ඒ ගාණ පැන්නම ඒ බැටරිය අල්ලලා විසි කරන්න වෙනව
.
බැටරියක් බාගෙට චාජ් වුණාම ගලවලා විසි කරන්න හදන්න එපා. ෆුල් චාජ් වෙන්න දෙන්න. මොකද නැත්නම් ඔයාගෙ බැටරියේ ආයු කාලය අඩු වෙනවා. බාගෙට චාජ් කරත් ඒක එක චක්‍රයක් විදිහට තමයි ගොඩක් බැටරි වලට යන්නෙ.
.
ඇයි බැටරි ඉදිමෙන්නෙ?
.
දැකලා ඇති නෙ? බබා හම්බෙන්න වගේ බඩ ආව බැටරි. බඩ එද්දි අපි දන්නව බැටරියට බබා හම්බෙන්න වැඩි කල් නෑ කියලා නේ?  බලමුකො ඇයි මේ බබා හම්බෙන්න වගේ බඩ එන්නෙ කියලා.
.
බැටරි ඉදිමෙන්නෙ, ඇතුළත එතේන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් වගේ වායු පිරීම නිසා මේ සේරම වහා ගිණිගන්නා සුළු වායු. සුටුස් ගාලා පත්තු වෙනව ඔව්  මේ වායු හැදෙන්නේ විද්‍යුත් විච්ඡේද්‍ය ඔක්සිකරණයට ලක්වීම නිසා. (අනේ මය අම්මලා ඔක්සිකරණය බලාගනිල්ලා පොත් අරන්  ) මේ ඔක්සිකරණය වෙන්න හේතු තමා
.
*) Overcharging - ෆුල් චාජ් වුණාම ගලවන්න ඕන. අලුත් බැටරි වල ස්වයංක්‍රීයව මේක වැඩ. ගලවන්න අවශ්‍ය නෑ. ඒත් ගෙම්බා චාජර් (දන්නවනෙ?) වල ඕෆ් වෙන අයිටම් නෑ. ඒ නිසා ඔවර්චාජ් වෙලා බබා හම්බෙන්න ලන් වෙනවා
.
*) Faulty Batteries - ෆෝන් එකට ගැලපෙන්නේ නැති බැටරි පාවිච්චි කිරීම. අනිවා බබා තමා
.
*) Faulty Chargers - බැටරියට ගැලපෙන්නෙ නැති චාජර් වලින් චාජ් කරාමත් බබා හම්බෙන්න ලන් වෙනව
.
දැන් මය පුතාලට පේනවා ඉදිමුණ බැටරි අස්සේ තියෙන්නෙ ගිණි ඇවිලෙන සුළු වායු. බබා හම්බෙන්න ළග බැටරි පාවිච්චි කරන්න කලින් අන්තිම කැමැත්ත එහෙම ලියලා ලෝයර් ට ගිහින් දෙන්ට ඈ?
.
ඇයි බැටරි පුපුරන්නෙ?
.
බැටරි පුපුරන්න හේතු තමා අභ්‍යන්තර පරිපථ කොටස් ෂෝට් වීම (ලුහුවත් වීම) එතනදි වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් වැරදියට වෙන එක. බොහොම සීඝ්‍රයෙන් අර මම කලින් කිව්ව ගිණිගන්නා සුළු වායු බැටරිය ඇතුළේ පිරිලා පුපුරලා යන්න පුළුවන්.
.
ඇත්තටම මේ වගේ ෂෝට් වීමකට මුල බොහෝ විට රත් වීම තමා. එහෙමත් නැතිනම් වැරදි ලෙස ස්ථාපිත බැටරියක් පුපුරලා යන්න පුළුවන්. අනන් මනන් ගහන්න එපා ඔය බැටරි පින් අස්සේ ඈ. පුපුරලා යයි මං හෙම දන්නෑ
.
ඇයි එතකොට මේ කට්ටිය කියන්නේ චාජර් එක ගහන් කෝල් ගන්න එපා කියලා?
.
ඒකට හේතුව හරි පැහැදිලියි. කෝල් එකක් ගද්දි වෙන විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂණයට ලොකු විදුලියක් බැටරියෙන් ඇදලා ගන්නව. එතකොට බැටරිය යම්තාක් දුරට රත් වෙනව, චාජ් වෙද්දිත් බැටරිය රත් වෙනව. එතකොට චාජ් වෙද්දි වෙන රත් වීමයි, කෝල් එක නිසා වෙන රත් වීමයි රත් වීම් දෙකයි, බුම් තමා  අනික කෝල් ගද්දි අපි ෆෝන් එක තියන්නේ කණ ගාව නෙ. ඒ කියන්නේ ඔළුව  මනුස්සයෙක්ගෙ වටිනාම අවයවය තියෙන තැන. අන්න ඒකයි කියන්නේ චාජර් එකට ගහන් කෝල් ගන්න එපා කියලා.
චාජර් එකට ගහන් කොච්චර මල් කැඩුවත් කමක් නෑ බැටරිය රත් වෙන්නෙ නැත්නම්. (චාජර් එක ගහන් වැඩ කරාට කමක් නෑ කියලා මේ කියන්නෙ, හැබැයි කෝල් ගද්දි නම් පුතා අනිවා රත් වෙනව. පුපුරලා ගියොත් ඊළග ආත්මෙට ටිකට් හම්බෙයි)
.
දැන් ඔයාලට තේරෙනව ඇති ඉදිමපු බැටරියක් පුපුරා යාමේ ඉඩකඩ වැඩි. මොකද ඉදිමලා කියන්නේ ඒ වෙද්දිත් අර වායු පිරිලා තියෙන්නෙ. තව ටිකක් පිරුණ ගමන් පිපිරීම ඇති වෙන්න පුළුවන්. දැන් ඇති... හම්මේ... මහන්සි මහන්සි යකෝ ලොකු ලෙක්චර් එකක්...
.
මේක ලියන්න හිතුවෙ ගොඩක් අය කියන විකාර කතා නිසා. ඇත්තටම ලිතියම් අයන් බැටරි ගැන එක එක මිථ්‍යා අදහස් තියෙනවා ඒවා අමූලික බොරු. මිථ්‍යාවෙන් මිදිලා විද්‍යාවට අරගෙන උඹලගෙ ඔළු ගෙඩි ටික බැටරි වලින් බේරගන්නයි ලිව්වෙ. මේවා ලිව්වට සල්ලි හම්බෙන්නෑ නෙ නේද? ඒ නිසා කමෙන්ට් එකක් වත් දාපල්ලා. එහෙනම්..  ආයෙ හම්බෙමු.




Saturday, March 5, 2011

මොකක්ද මේ Sixth Sense කියන්නේ. මේක තමයි නවතම තාක්ෂණය. මේ තාක්ෂණය නිසා ලොව වේගයෙන් වෙනස් වේවි. Mobile Phone, Laptop, Digital Camera වගේ ගොඩක් උපකරණ භාවිතයෙන් ඉවත් වෙන දවස තව වැඩි දවසක නොවෙයි.


හැමෝම බලයි මොකක්ද මේ හරුපෙ කියලා. මේ තාක්ෂණයේ නියමුවා තමයි අපේ අසල්වැසි ඉන්දියාවේ Pranav Mistry. පොඩි පොඩි දේවල් කරලා හොයාගෙන තියෙන තාක්ෂණය බලන්න. මේ උපකරණය තව දුරටත් වැඩි දියුණු කිරීම මේ දවස් වල කරගෙන යනවලු. මේ Video එක බැලුවම තේරෙයි මේක කොයි තරම් දියුණු තාක්ෂණයක්ද කියලා.


කොහොමද වැඩේ. මේ උපකරණය තව අවුරුද්දකින් දෙකකින් වගේ $ 350 විතර Market එකට දාන්නලු කල්පනාව.


ඔයාලගේ අදහස මොකක්ද මේ ගැන. Comment එකක් දාලම යන්නකෝ.

Monday, February 7, 2011

ඔයාලා ඉතින් Film බලනවා ඇතිනේ. ඔන්න ඔය Film Shoot කරනකොට එක එක වැරදි වෙනවා. ඒත් මේවා සංස්කරණය කරනකොට ඒ කියන්නේ Edit කරනකොට හදලා තමයි Film එක Release කරන්නේ. ඒත් සමහර වෙලාවට මේ Hit උන Film වල වැරදි Editors ලටවත් අහුවෙන්නේ නෑ.


ඒ වගේ අවස්ථා කීපයක් තමයි මේ තියෙන්නේ.


මේ Film එක ඔයාලා දන්නවනේ. Pirates of The Caribbean වල කතා නායකයා දාගෙන ඉන්න තොප්පිය කොහොමද?


Addidas එකක්. ඒ කියන්නේ ඒ කාලේ Addidas එහෙමත් තිබිලා තියෙනවා.


..:: හික්ස් ::..



මේ පින්තූරේ ඉන්න කොලුවා දිහා බලන්නකෝ.  

ආදි කාලේ සොල්දාදුවෙක්. 

ඒත් ආදි කාලේ උනත් Plane යන හැටි බලන්නකෝ. මේකෙ හැටියට Plane එක හොයන් තියෙන්නේ 1900 ගණන් වලටත් කලින්.








පේනවනේ මේකෙ ඉන්න Kung Fu මාස්ටර්. 

ඒ කාලේ තාක්ෂණය කොයි තරම් දියුණුද කියනවනම් වෙලාවත් බල බල ද කොහෙද Fight කරන හැටි කියලා දීලා තියෙන්නේ.






මේ පිංතූරේ බලන්නකෝ. මේ පොලිස් කාරයා වෙඩි තියන්නේ කොකා ගස්සන්නේ නැතිව.


ඔහොම වෙඩි තිබ්බොත් එහෙම ඇත්ත කොකෙක්වත් ගැස්සෙන්නේ නැතිවෙයි.




මේ Film එකත් හොඳ ජනප්‍රිය එකක්නේ. ඒත් බලන්නකෝ ඒ කාලෙත් වෝකි ටෝකි තිබිලා.


දෙන්නා මල් කඩලා තියෙන්නේ වෝකි ටෝකි වලින්ද කොහෙද.


..:: හික්ස් ::..




ඕවා නම් කමක් නෑ කියමුකෝ. ඒත් ඉතින් පල්ලෙහා තියෙන Picture දෙක බලන්නකෝ. මං ඒ ගැන මුකුත් කියන්නේ නෑ. ඒවා බලලා Comment එකක් දාලා යන්නකෝ.




Friday, January 14, 2011

මේ දිනවල Cricket පිටිය පිළිබඳ තියෙන්නේ අමුතුම උණුසුමක්නේ. ඒ උණුසුම වැඩි කරවන්න Cricket තේමා උන Film එකක් ඇවිත්. මේකේ නම සිංහාවලෝකනය.


මේ Film එකේ කතා පුවත වෙන්නේ සුද්දන් රැළකගේ අභියෝගයක් අනුව ඔවුන් පරදවන අපේ ගැමි කොල්ලො සෙට් එකකගේ කතාවක්. බලාගෙන ගියාම මේක Amir Khan ගේ Lagaan Film එකට සමානයි නේද?


ඒත් මේකේ වෙනස තමයි මේ ගැමි කොල්ලෝ Match එක දිනන්නේ අනාගතේට ගිහින් T. M. Dilshan යටතේ පුහුණු වෙලා. ඒ කියන්නේ මේ Set එක තාපසයෙක් ළඟට ගිහින් ඔහු මාර්ගයෙන් අනාගතේට යනවා. ගිහින් Cricket පුරුදු වෙන්නේ අපේ T. M. Dilshan යටතේ.

ඊට පස්සේ මේ Set එක සුද්දෝ ටිකට ඇට්ටි හැලෙන්න ගහනවලු.
..:: හික්ස් ::..

Tuesday, January 11, 2011

මේක ඇහුවම හැමෝම බලයි කවුද මේ පොර කියලා. මෙයාගේ නම Mohammed Bello Abubakar. ඉන්නේ Nigeria වල. මෙයාගේ විවාහ සිදුවෙන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තටලු.


මෙයාගේ Wife ලා 86 ට අවම වශයෙන් ලමයි 170 ක් වත් ඉන්නවලු. එතනින් Wife ලා 10 දෙනෙක් දැනට ජීවතුන් අතර නෑලු. මේ මනමාලයාගේ Wife ලා ගෙන් වැඩිදෙනෙක් මෙයාගේ වයසෙන් හතරෙන් එකක් වත් නෑලු.


මෙයාගේ අලුත්ම Wife කියන්නේ කසාද 83 ක් බැඳපු කෙනෙක්ට තමන් වගේ තවත් කෙනෙක් බලාගන්න එක ගේමක් නැති වැඩක්ලු. ..:: හික්ස් ::..


කොහොම උනත් මෙයාගේ මේ රජ Type පවුල නඩත්තු කරන්න එක වේලකට හාල් කිලෝ 36ක් යනවලු. තමන්ට තවත් Wife ලා නඩත්තු කරන්න තරම් වැඩකිඩ තමන් සතුව ඇති බව මේ පුද්ගලයා අවධාරණයෙන් කියා සිටිනවාලු.


..:: හික්ස් ::..

Tuesday, January 4, 2011

අපේ රටෙත් ඉන්නවනේ කට ලොකු කට්ටිය. මේ අතරින් ඉතින් ලොකුම කට තියෙන්නේ අපේ ගැහැණු පාර්ශවයට තමයි. 

..:: හික්ස් ::..

ඒත් ලංකාවේ ගැහැණුන්ට ලොකු කටවල් තිබුණට ලෝකෙන්ම ලොකුම කට තියෙන්නේ මිනිහෙක්ට. මෙයා ඉන්නේ ඇන්ගෝලාවේ. මෙයාගේ නම තමයි Francisco Domingo Joaquim. මෙයා කට නිසා Guinness වාර්තා පොතට එකතු වෙච්ච කෙනෙක්.


කටේ දිග අඟල් 6.69 ක් ලු. දැනගන්න තියෙන විදිහට මෙයාගේ කටට Coke Can එකක් එහෙම පිටින්ම දාගන්න පුලුවන්ලු. Google එකේ මෙයාගේ නම Search එකක් දැම්මනම් මෙයාගේ Photo බර ගානක් එනවා.


ලංකාවේ මේක තේරුවා නම් මේ Award එක ලංකාවෙන් කාට හම්බ වෙයි ද?

Thursday, December 30, 2010

අසාමාන්‍ය දරු උපත් කීපයක් සිදුවූ පවුලක් පිළිබදව ඇමරිකාවෙන් වාර්තා වෙනවා. මේ දෙමව්පියන් තමයි Babara Soper හා Chad Soper. 

පුදුමය තමයි මේ ළමයි අසාමාන්‍ය දින තුනකදී උපත ලැබීම.

ඔවුන්ගේ ළමුන් තිදෙනා උපත ලබා ඇත්තේ 08.08.08, 09.09.09 හා 10.10.10 යන දින තුනේදී වීමයි. මෙයින් දරුවන් දෙදෙනෙකු සැත්කම් මගින් තමයි ඉපදී ඇත්තේ.

ඔවුන්ගෙන් Chole ඉපදී ඇත්තේ 08.08.08 දිනයි. Cameron 09.09.09 දිනත් බාලයා වන Cearra 10.10.10 දින තමයි ඉපදී ඇත්තේ.

පුදුමය මේ ටික විතරද? නෑ. 11.11.11 දින නවතම සාමාජිකයා මෙලොව එලිය දකින්නත් මේ දිනවල වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා කියලා තමයි ආරංචිය. 

..:: හික්ස් ::..