Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Thursday, September 17, 2015

ආයුබෝවන්...!
රාවනා චරිතය පිළිබදව විවිධ කථිකාවන් සිදුවන වර්තමානයේ අපි ඔබේ අවධානය ලෝකය වෙතට යොමු කරවන්න හිතුවා. එහි දී දැනගන්නට ලැබුණ කරුණු අනුව රාවනා චරිතය පිළිබදව ලෝකයේ ඇති උනන්දුව සහ ඔවුන් ඒ හරහා ගොඩනගන යම් යම් කාරනයන් පුදුම සහගතයි. ඒ අතරින්, ප්‍ර‍ධාන කොට ඉන්දියාවත්, ජපානය සහ ඇමරිකාව සිටිනවා.
රාවනා ඉතිහාසය ගැන සිංහලයන් වන අපට වඩා උනන්දුවක් කැපවීමක් ඉන්දියානුවන් තුල වීම පුදුම සහගතයි. පුරාවෘතය කුමක් වුවත් රාවනා නම් චරිතය යථාර්තයක් කරන්නට කළහැකි සෑම උත්සාහයක්ම ඉන්දියානුවන් දරනවා. ඔවුන්ගේ අවාසනාවට සාධක සියල්ල ලංකාව තුල වීම නිසා රාවනාගේ රාජධානිය බවට ඔවුන් පවා පිළිගන්නේ ලංකාපුරයයි. කරුණු එකින් එක ගෙනහැර දක්වමින් ඔවුන් එය ඔප්පු කරවනවා. ඉන්දීය ඉතිහාසය රාවනා හරහා ගොඩනගන්නට ඉන්දියානුවන් විසින් මෙතරම් වෙහෙසක් දරන්නේ ඊට වඩා බලගතු මෙන්ම ප්‍ර‍භල සාධකයක් ඔවුන් අහලකවත් නොමැති නිසයි. නමුත් ඒ හරහා නිරායාසයෙන්ම ලංකා රාජ්‍යයේ රාවනා අභිමානය මතුවෙනවා.
මේ අතර ඉතාමත් දියුණු ජාතියක්, රටක් වන ජපානය පවා රාවනා ඔවුන්ගේ දරුවන්ගේ මනසට ක්‍ර‍මාණුකූලව ඇතුලු කරවනවා. ඒ වෙනුවෙන් නිර්මාණය වූ පරිගණක ක්‍රීඩා ඊට උදාහරන දෙනවා. රාවනාගේ බල පරාක්‍ර‍මය එතුමාගේ විවිධ හැකියාවන් එහිදී ඔවුන්ට හදුනාගත හැකියි. රාවනා උද්‍යානයේ උමංමාර්ග, කදු හෙල් මිටියාවත් දිගේ යමින් සතුරන් පරාජය කරන රාවනා නම් වූ යක්ෂ සේනාධිපතියාගේ වික්‍ර‍මයන් ඒ හරහා දැකගත හැකියි.
මේ අතර ඇමරිකානුවන්ටත් රාවනා ඉල්ලමක් වන ලකුණු පහළ වී ඇත. මේ වන විටත් රාවනා පුරාවෘතය සම්බන්ධ කථාමාලාවන් සහ තිරපිටපත් සැකසෙමින් පවතිනවා. ඒ හරහා රාවනා පරපුරේ බල පරාක්‍ර‍යන් විවිධ කෘතීන් හරහා ලෝක සිනමාවේත්, වෘතාන්ත චිත්‍ර‍පට වලත් නුදුරේදීම අපටත් දැකගත හැකිවෙයි.
ශ්‍රී ලාංකිකයන්ට නොදැනුනත් රාවනා මේ වන විටත් ලෝකයම වෙනස් කරමින් සිටී. එයයි සිංහලයාගේ චිත්තවේගී අභිමානය. සත්‍ය සගවාලිය නොහැක. අපේම උන් එය යටගැහුවත්, එය තාවකාලික විරාමයක් පමණි. ලොව කොතැනකින් හෝ රාවනා නැවත කරලියට පැමිනෙනු ඇත.
මෙහිදී ඔබට කරන්න කිසිම දෙයක් නොමැතිනම්, බලා සිටින්න.... රාවනා නැවත මතුවනු ඇත.
තෙරුවන් සරණයි...!!! 

Post eka Issuwe FB ekeni...

Related Posts:

  • Site එක Backlinks වලින් SEO කරමු. වැඩකිඩ Contact Form එක හරහා යාලුවෙක් අහලා තිබ්බා Site එකක් නියම Keywords අනුව SEO (Search Engine Optimization) කරන්නේ කොහොමද කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. SEO නැත්තම් Search Engine Optimization කියන්නේ කෙටියෙන්… Read More
  • Blog එකට FB Like Button එකක් දාමුඔන්න අලුත් වැඩ කෑල්ලක් එක්ක වැඩ කිඩ මුල්ම පෝස්ට් එක. කතා නැතිව වැඩේට බහිමුකෝ. ඔයාලා දැකලා ඇති සමහර Blog වල උඩින්ම තියෙනවා Facebook Like Button එකක්. අද පාඩම ඒක ඔයාලගේ Blog එකට දාන්නේ කොහොමද කියන එකයි. නිකන් මෙන්න මේ වගේ. මු… Read More
  • තමන්ගේ බ්ලොග් එකේ තත්ත්වය බලන්න Website එකක්මේක තමයි වැඩ කිඩ බ්ලොග් එකේ දාන 50 වෙනි Post එක. 50 වෙනි Post එක වෙනුවෙන් හැමෝටම වැදගත් වෙන දෙයක් තමයි දෙන්න යන්නේ. අද ඔයාලට කියලා දෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හරි Website එකේ හරි තත්ත්වය බලාගන්න පුලුවන් Site එකක් ගැන. මේකෙ නම තම… Read More
  • Blog එකෙන් පොඩි ගානක් හොයාගන්න ක්‍රමයක් Blog එකකින් සල්ලි හොයනවනම් ඉතින් Adsense ම තමයි. ඒත් ඉතින් එතකොට Blog එක ඉංග්‍රීසියෙන් කරන්න ඕනෙ. මොකද Sinhala Blogs වලට Adsense Support කරන්නේ නෑනෙ. මාත් කාලයක් Adhitz Ads දාලා තිබ්බා. ඒත් වැඩක් නෑ. මාස 4 වෙලත් එකතු උනේ $… Read More
  • බ්ලොග් එකට Social Bookmarks වලින් Traffic ගෙන්න ගමුද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලොග් Post එකක් දැම්මම ඒක අනිත් අය අතරේ ප්‍රචාරය කරන්නේ කොහොමද කියන එක. ඒකට ගොඩක් අය කරන්නේ FB එක පුරාම Link දදා යනවා. ඒත් මේ ක්‍රමෙන් පුලුවන් අපිට නිකන්ම FB Like, Tweets, Google +1 ගන්න. … Read More

0 comments:

Post a Comment