වැඩකිඩ Contact Form එකෙන් කෙනෙක් අහලා තිබුණා E bay එකෙන් Mouse එකක් ගන්න එක ලාභද කියලා. ඉතින් මං කිව්වා හරියටම දන්නේ නෑ ඒත් ලංකාවෙන් ගන්නවට වඩා ලාභ ඇති කියලා. ඔන්න මං නිකමට බැලුවා Mouse වල Prizes. සමහර ඒවා තියෙනවා හරිම ලාභයි. ඒත් ලංකාවට Shipping නෑ. තවත් ටිකක් Ebay එකේ පොඩි Search පාරක් දැම්මා.ඔහොම බල බල ඉන්නකොට මං දැක්කා එක Mouse එකක්. මගෙ ලැප් එකටම කියාපු Mouse එකක්. Flat Mouse එකක්. එහෙම උනාම බෑග් එකේ දාගන්නත් ලේසියිනේ. බැලුවා ගාන. $6.45 යි. කොහොමත් මේ වගේ එකක් ලංකාවෙන් නම් ගන්න බෑ රුපියල් 900 කට මෙහා. Auctions තියෙනවද කියලා බැලුවා. එක Auction එකක් තිබ්බා. ඒත් දවස් හතරක් යනවා ඒක Close වෙන්න. ඔන්න ඒ පාර මං ඕන මගුලක් කියලා Buy කරා $ 6.45 ට.
ඔන්න දවස් 20 කින් විස්සකින් විතර ගෙදරට ආවා Mouse එක. හිතුවට වඩා හුරුබුහුටි මී පැංචෙක් නොවැ මේක. බලන්නකො අතත් එක්ක තිබ්බම Size එක. Lap එකට ගහලා බැලුවා. ගින්දර වගේ වැඩ. ඔන්න පල්ලෙහා තියෙන Photo එකත් බලන්නකෝ.
කොහොමද භාණ්ඩෙ Colour Combination එක. ලැප් එකටම ආපු එකක් වගේ නේද? කාට හරි මේ වගේ එකක් ඔනෙ නම් කියන්නකො. මං මේක ගත්ත Ebay Link එක දාන්නම්කො.


Golden Dragon




