Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.
Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

Friday, October 7, 2011

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලොග් Post එකක් දැම්මම ඒක අනිත් අය අතරේ ප්‍රචාරය කරන්නේ කොහොමද කියන එක. ඒකට ගොඩක් අය කරන්නේ FB එක පුරාම Link දදා යනවා. ඒත් මේ ක්‍රමෙන් පුලුවන් අපිට නිකන්ම FB Like, Tweets, Google +1 ගන්න.


හැබැයි මේක සිංහලෙන් බ්ලොග් කරන අයට නම් ඒතරම්ම වැදගත් වෙන එකක් නෑ. ඒ උනාට සිංහලෙන් බ්ලොග් කරන අයත් කැමතිනම් තමන්ගේ Post එකට තියෙන FB Like, Tweets සහ Google +1 ගාන වැඩි කර ගන්න, මේක ගොඩක් හොඳ ක්‍රමයක්. මේකෙ නම තමයි Facebook Promotions. මේකත් ටිකක් Twiends වගේ එකක්. ඒ උනාට මේක ඊට වඩා Advanced. මොකද මේකෙන් FB වලට අමතරව Google +1 හා Traffic Exchange තියෙනවා. ළඟදීම Digg, StumbleUpon, LinkedIn, YouTube වගේ ඒවටත් Support කරනවලු. කැමති අය මේ පහල Banner එකෙන් Register වෙන්නකෝ.

FBPromo

 මේකෙ කරන්න තියෙන්නේ මේකයි. ඔයාලා අනිත් අයගේ Posts වලට Like කරනවා. ඒ හැම Like කරන Post එකකටම ඔයාලට Coins ප්‍රමාණයක් හම්බෙනවා. එහෙම ඔයාලා උපයගත්ත Coins වලින් පුලුවන් Add Site ගිහින් ඔයාලට කැමති Social Site එකකින් කැමති ප්‍රමාණයක් Likes ගන්න. මෙන්න මෙහෙමයි කරන්නේ. මුලින්ම යන්න Menu එකේ Add Site කියන එකට.




ඔය පේන රූපෙ රතු පාටින් රවුම් කරලා තියෙන තැනින් තෝරන්න ඔයා Submit කරන්නේ මොකටද කියලා. Traffic Exchange වලින් පුලුවන් ඔයාලගෙ Site එකට Traffic ගෙන්නගන්න. ඒ උනාට Site එකට Adsense දාලා නම් Traffic Exchange කියන එක පාවිච්චි කරන්න එපා. Adsense Ads නැත්තම් පාවිච්චි කරාට කමක් නෑ.


ඊට පස්සේ Likes ඕන Link එකයි Link එකේ Title එකයි දාන්න. CPC කියන තැනට එන්නේ ඔයා එක Like එකක් ගන්න Coins කීයක් දෙනවද කියන එක. ඒ කියන්නේ අපි ගාව Coins 50 ක් තියෙනවනම් CPC එකට 2 ක් දැම්මොත් Likes 25ක් හම්බෙනවා. ඔතනට CPC එක ලොකු ගානක් දැම්මොත් අපිට ඉක්මනින්ම Likes ලැබෙනවා. මොකද CPC එක වැඩිම ඒවා තමයි මුලින්ම එන්නේ. ඊට පස්සේ Add Site කරන්න.

ඊට පස්සේ My Sites ගියාම ඔයාලට පෙනෙයි කලින් Submit කරපු Link එක ඉස්සරහින් මෙහෙම එකක් 
ඕකෙන් කොල පාට + ලකුණ තියෙන එක ඔබලා ඔයාල කැමති Coins ගානක් ඔය ලින්ක් එකට Add කරන්න. එතකොට ඔය Coins ගාන ඉවර වෙනකන්ම Likes වැටෙනවා. පැයකින් විතර ඔයාගේ Post එක බලන්නකෝ Likes ප්‍රමාණය වැඩි වෙලා තියෙන හැටි.

Saturday, June 4, 2011

අපි ගොඩක් දෙනෙක් Facebook එකට Join උන මුල් කාලේ ඔහේ බලන්නේ නැතුව දන්න නොදන්න හැමෝටම Friend Request දානවා. ඒත් ටික කාලයක් යනකොට කාටද Request කලේ, එයාලා අපිව Accept කරාද කියලා හොයාගන්න විදිහක් නෑ.


මට මේ ගැන දාන්න හිතුනේ මගේ යාලුවෙක්ට උන සිදුවීමක් නිසා. ඔන්න මිනිහා Facebook එකට Join උන මුල් කාලේ ලස්සන කෙල්ලෝ හොය හොය එයාලට අම්බානට Request දාලා. ඔහොම ටික දවසකින් මිනිහට කෙල්ලෙක් Set වෙලා. දැන් මිනිහහේ Facebook Profile එකට හැමදාම කෙල්ලෝ Join වෙනවලු. මේ ගැන දවස් ගානක් මිනිහගේ කෙල්ල අහලා. මිනිහා එක එක බොරු කියලා Shape කරන්.


කොහොමහරි දාපු කෙල්ලන්ගේ නම් මතකත් නැති නිසා Profile එකට ගිහින් Request එක Cancel කරන්නත් බෑනේ. මේ වගේ අපි හැමෝටම කාලයක් යද්දි දන්නේ නෑ කාටද අපි Request කරේ එයාලා අපිව Accept කරාද කියලා. අපිව Accept කරපු නැති අයව හොයාගන්න මේකෙන් පුලුවන්. මේක පොඩි Facebook Application එකක්.


https://apps.facebook.com/friendrequests

මේකෙන් පුලුවන් ඔයාලා දාපු ඔක්කොම Pending Request බලන්න. ඕනෙනම් ඕකෙන් එයාලගේ Profile එකට ගිහින් දාපු Request Cancel කරන්න පුලුවන්. 

කරලම බලන්නකෝ.

Sunday, December 5, 2010

මේක පොඩි Facebook වැඩ කෑල්ලක්. සමහරු නම් මේක දැනටමත් දන්නවා ඇති. ඒත් මේක දන්නේ නැති අයට Help එකක් වෙයි කියලා හිතලා දාන්නේ.

ගොඩක් අය Facebook යනවනේ. සමහරු ඔය  එක එක Application, Fan Pages අනිත් අයට Suggest කරනවනේ. ගොඩක් අය කරන්නේ තමන්ගේ Friend List එකේ ඉන්න යාලුවන්ට එකින් එක Tick කර කර Suggest කරන එකනේ. හැබැයි Friend List එක දිග නම් Invite කරන්නම දවසක් යනවා. හික් හික්..

ඒත් මේ ක්‍රමෙන් එකපාර ඔය යාලුවෝ ඔක්කොටම Invite කරන්න පුලුවන්. මෙහෙමයි කරන්නේ.

Application එකකට හරි Fan Page එකකට හරි ගිහින් Suggest to Friends ක්ලික් කරන්න.
දැන් Friend List එක Pop Up වෙලා එයි.
ඒක ඔහොමම තියලා ඔයාලගේ Web Browser (Firefox වල නම් එලකිරි වගේ වැඩ) එකේ Address Bar එකට ගිහින් මේ Code එක Paste කරන්න.

javascript:fs.select_all()
ඊට පස්සේ Enter ගහන්න.දැන් ඔයාගේ යාලුවො ඔක්කෝම Select වෙයි.

Test කරලා බලන්න ඕනේ නම් මේ පල්ලෙහා තියෙන Link එකෙන් අපේ Fan Page එකට ගිහින් ඔයාලගේ යාලුවෝ ටිකට Suggest කරන්නකෝ. හික්ස් ::..


Friday, December 3, 2010

ඔන්න අලුත් වැඩ කෑල්ලක් එක්ක වැඩ කිඩ මුල්ම පෝස්ට් එක. කතා නැතිව වැඩේට බහිමුකෝ.

ඔයාලා දැකලා ඇති සමහර Blog වල උඩින්ම තියෙනවා Facebook Like Button එකක්. අද පාඩම ඒක ඔයාලගේ Blog එකට දාන්නේ කොහොමද කියන එකයි. නිකන් මෙන්න මේ වගේ.

මුලින්ම යන්න ඔයාලගේ Blog එකේ Design > Edit HTML වලට. ඒකෙ තියෙන Expand Widget Templete කියන  Check Box එක Tick කරන්න. තේරෙන සිංහලෙන් කියනවානම් ඒක තියෙන කොටුවට හරි සලකුණ දාන්න. ..:: හික්ස් ::..

දැන් ඕකෙ තියෙන <data:post.body/> කියන එක හොයාගන්න. ඒක හොයාගන්න ලේසිම ක්‍රමය තමයි Ctrl+F ගහලා යට එන Find Bar එකේ ඔය කෝඩ් එක Type කරන එක. (Copy කරත් කමක් නෑ. හික්ස්.)
ඔය කෝඩ් එක එතකොට Highlight වෙලා පෙනෙයි. හරියටම ඔය කෝඩ් එකට උඩින් මෙන්න මේ කෝඩ් එක Paste කරන්න.

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div style='float:left;margin:4px;'><iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=button_count&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/></div>
</b:if>

දැන් Template එක Save කරන්න. වැඩේ හරි. දැන් එලකිරි වගේ ඔයාලගේ බ්ලොග් එකෙත් මගේ වගේ Facebook Like Button එකක් තියෙයි. කැමති නම් ඉතින් මගේ Like Button එකත් Click කරාට කමක් නෑ. හික්ස්.