Showing posts with label Forex. Show all posts
Showing posts with label Forex. Show all posts
Wednesday, June 27, 2012

Forex Account එකට ඕන සල්ලි අපිම හොයා ගමු

22 comments




ඔන්න මාස 7කට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. මේ අවුරුද්දට හාපුරා කියලා දාන මුල්ම පෝස්ට් එක තමයි මේ. Job එකත් එක්ක දැන් බ්ලොග් ලියන්න වෙලාවකුත් නෑ. මුලින්ම ඉතින් සමාව ඉල්ලන්න ඕනෙ මගෙන් උදව් ඉල්ලලා එවපු Email වලට Reply කරන්න බැරි වෙච්ච එක ගැන. ඒ වගේම පෝස්ට් වල මගෙන් උදව් ඉල්ලලා Comment හිටන් දාලා තිබ්බා. ඒවට ලියන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.


ගොඩක් අය Forex ගැන උනන්දු උනාට කරන්න බයයි. මොකද අතින් සල්ලි දාලා Loss උනොත් අපරාදෙනෙ. ඒත් අපිට කවුරු හරි නිකන් සල්ලි දෙනවනම්? නිකන් හම්බෙන අස්සයගෙ දත් ගනින්නේ මොකටද නේද? ඔන්න අද කියලා දෙන්න යන්නෙ Forex කරන්න කීයක් හරි නිකන් හොයගන්න ක්‍රමයක්. මේක No Deposit Bonus වගේ $5, $10 වගේ නෙවෙයි. ඔයාලට මහන්සි වෙන්න පුලුවන්නම් $50 උනත් Free ගන්න පුලුවන්. හැබැයි මේක කරන්න නම් අනිවා කඩ්ඩ පුලුවන් වෙන්න ඕනෙ. මොකද අපි මේ සල්ලි ගන්නේ Forum එකක Post කරලා.


මුලින්ම කරන්න තියෙන්නෙ මෙන්න මේ Forum එකේ Register වෙන එක. Forum එක තමයි Indian Forex. පහලින් තියෙන බැනර් ඒකෙ තියෙන්නෙ මේ Forum එක. මේකෙ Details වලට ඔයාලගෙ ඇත්තම විස්තර දෙන්න.


 

දැන් ඔයාලා Email Confirmation එක කරලා Forum එකට ලොග් වෙන්න.  දැන් තියෙනවා අපිට Forex Broker කෙනක් යටතේ register වෙන්න. මෙන්න මේක හරියටම කරන්න ඕනෙ. නැත්තම් ඔයාලා කොච්චර Forum Post දැම්මත් වැඩක් නෑ සල්ලි හම්බෙන්නෙ නැතිවෙයි. මුලින්ම යන්න මේ ලින්ක් එකට.


දැන් ඔය Agreement එක Accept කරලා එන Form එක ඇත්තම Details වලින් පුරවන්න. වැරදි Data දෙන්න එපා.  ඔතන Password වලට ඔයා කැමති එකක් දෙන්න පුලුවන්. Account Type එකට Standard හරි Standard Cent හරි දෙන්න. Forex වල ලොකු Risk එකක් ගන්න අකමැති නම් Standard Cent දාලා Leverage එක 1:1000 හරි 1:600 හරි දෙන්න.

මෙන්න මේක තමයි වැදගත්ම දේ. ඔය Affiliate Code කියන තැනට මෙන්න මේ Code එක දෙන්න. මේක වැරැද්දුවොත් නම් සල්ලි හම්බෙන්නේ නෑ.


portalforum

දැන් Agree කරලා වැඩේ ඉවර කරලා දාන්න. දැන් ඔයාලට Email එකක් එයි Trading Account Details එක්ක. ඒක කොහේ හරි Save කරලා තියගන්න. දැන් මූලික පියවර ටික හරි. අපි දැන් යන්නේ මේ හදපු Account දෙක (Forex සහ Forum) සම්බන්ධ කරන්න. මුලින්ම යන්න Forum එකේ My Profile. ඒකෙ Bonus For Post කියන Tab එකට යන්න.




ඊට පස්සේ ඔය පින්තූරෙ වගේ Attach Account ගිහින් එතනට Account No එකයි Traders Account Password එකයි දාලා Attach කරන්න. දැන් තියෙන්නේ Posts දාන්න. හැබැයි Post වලට එක Section වලදි ගෙවන ගනන් වෙනස්. ගෙවන ගනන් මෙතනින් බලන්න.


වැඩේ හරි. හබැයි Reply හරි Post හරි දානකොට Quality එක ගැන සැලකිලිමත් වෙන්න. එක පෝස්ට් එකකට 0.30 ගෙවන නිසා අඩුම ගානේ වාක්‍යය තුනක් වත් දාන්න. වචන 60-70 වගේ වත් වෙනවනම් ගොඩක් හොඳයි. Low Quality Post දාන අයව මෙයාලා Ban කරනවා. ඔහොම එකතු කරගත්ත සල්ලි මෙයාලා Forex Account එකට දාන්නේ මාසෙකට පාරයි.  මාසේ අන්තිමට එකතු උන සල්ලි ලබන මාසේ 10 වෙනිදා වගේ වෙද්දි Account එකට වැටෙනවා. ඒ සල්ලි වලින් Trade කරලා ලැබෙන ලාබය අපිට Withdraw කරන්න පුලුවන්. හැබැයි ඒ දෙන Bonus එක Withdraw කරන්න බෑ. වෙන Brokers ලා වගේ මේ Bonus එක Withdraw කරපු ගමන් නැති වෙන්නෙත් නෑ. දිගටම Account එකේ තියෙනවා. (Loss කරගත්තෙ නැත්තම්).

මේ තියෙන්නේ මට Posts දාලා හම්බුන  සල්ලි.






ඔන්න කට්ටිය Try කරලා බලන්න. Comment වලට වෙලා තියෙන විදිහට උදව් කරන්නම්. 
Read more...
Friday, August 19, 2011

අවවාදයයි : Forex වලට උනන්දු අයට විතරයි!

7 comments
මේ දවස් වල Internet එකේ කරක් ගැහුවොත් Forex ගැන ලියවුන Site සෑහෙන්න තියෙනවා. ඒ අතරින් සිංහෙලෙන් Forex ගැන කියලා දෙනවා කියන Site එහෙමත් බර ගානක් තියෙනවා. ඒත් ඒ හැම එකකම නිකක් කිසිම වැඩකට නැති Article දෙකක් තුනක් දාලා වැඩිදුර ඉගෙන ගන්න ඕන නම් එයාලා මෙහෙයවන පංතියට එන්න කියනවා.


මගේ යාලුවෙක්ටත් මරු වැඩක් වෙලා. මං මිනිහට කිව්වා Forex සීන් එක ගැන. මේ ගැන මිනිහටත් ආස හිතිලා. මට දවසක් කිව්වා පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඒත් වැඩ වැඩි නිසාම මටත් ඕක එහෙමම අමතක වෙලා ගියා. ඔන්න මිනිහා මොකක්ද සයිට් එකකින් දැකලා ෆොරෙක්ස් සිංහලෙන් උගන්නන පංතියක් ගැන. ඉතින් පොර ඕකට ගිහින් රුපියල් 5000 ක් දීලා.


පුදුමේ කියන්නේ මේ Class එක කරපු එකා උදේ 8 ට පටන් අරන් හවස 5 වෙනකොට ෆොරෙක්ස් A to Z කියලා දීලා. මටත් මේ ගැන ඉගෙන ගන්න මාස 9 වගේ ගියා. තාමත් ගොඩක් Strategy ගැන දන්නෙත් නෑ. ඒත් මගේ යාලුවා කියනවා ඌ ගින්දර වගේ හැම දේම දවසින් කියලා දුන්නලු. මං ඇහුවා මොනාද කියලා දුන්නේ කියලා. මිනිහා කියපුවා අහලා මට බඩ අල්ලගෙන හිනා.


මිනිහා කියනවා පොඩි Lecture එකක් දීලා උන්ව ඊටාරා කියලා (eToro කියන එකට තමයි මූ ඊටාරා කියන්නෙ) සයිට් එකක රෙජිස්ටර් කරාලු. ඒ සර් Forex ගැන Expert කෙනෙක් නිසා ඒ සර්ට පුලුවන් උනාලු මුන් ටිකට $10,000 වටින Account හදලා දෙන්න. (මේ කියන්නේ Demo Account එක ..:: හික්ස් ::..) ඔන්න ඊට පස්සේ මුන්ට Trade කරන හැටි කියලා දීලා. මුලින්ම Demo එකෙන් Buy Trade එකක් දාන්න කියලා. ඒ ගමන්ම Sell Trade එකකුත් දාන්න කියලා. ඔන්න දැන් Buy Trade එක Profit වෙනකොට ඒක Close කරනවා.  එතකොට Sell Trade එක Loss නේ. තව ටිකකින් Sell Trade එක Profit උන ගමන් ඒක Close කරනවා. (ඔය කියලා දීලා තියෙන්නේ Hedging Technique එක ගැන)  ඔන්න පැයකින් විතර කට්ටියටම $100 වගේ Profit ලු. ඔන්න ඔයාල ඉගෙන ගත්තා Forex වල Trade කරන හැටි. දැන් ඔයාලට පුලුවන් සල්ලි දාල කරලා පැයෙන් ලොකු ගානක් හොයන්න කිව්වලු. තව අන්තිමට මෙහෙමත් කියලා. Forex is so Simple and Profitable කිව්වලු. ඔන්න ඔහොමයි Forex ගැන මගේ යාලුවා A to Z ඉගෙන ගෙන තියෙන්නේ.


මේ වගේ හොර පංතිවලට ගිහින් රු.5000 ඒවා කොයි තරම් නැති කරගත්ත කට්ටිය ඇතිද? අනික දැන් ෆොරෙක්ස් දන්නවා කියලා හිතාගෙන ඇත්තට සල්ලි දාලා ඒවා නැතිකරගත්ත අයත් කොච්චර ඇතිද?මං මේ ළඟදි දැක්කා එක Blog එකක්. ඒක කරන කෙනා නියමෙටම කියලා දෙනවා. ඒත් මට ඒ සයිට් එක Bookmark කරගන්න බැරි උනා. ඒ බ්ලොග් එක නම් අලුත් අයට ගොඩක් වටිනවා.

අපේ ප්‍රශ්න වලට ඉක්මනින්ම පිලිතුරු ලබාගන්න පුලුවන් හැමෝම එක තැනකට එකතු උනොත්. මේ හැම දෙයක්ම නිකන් කියලා දෙන්න පුලුවන් සයිට් එකක් මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් හදලා. ඒක Forex Forum එකක්. ඕන කෙනෙක්ට Register වෙලා ඒකෙ කට්ටියට උදව් කරන්න මෙන්ම උදව් ගන්නත් පුලුවන්. අනන් මනන් කතා නෑ. Forex ගැනම විතරයි. කැමති අය සෙට් වෙලා තමන්ගෙ ප්‍රශ්න දාන්න. පුලුවන් විදිහට අපි උදව් කරගමු. මෙන්න මේකයි ඒ Forum එක.


Name : Sri Lankan Forex Talk
Link :  http://www.forextalk.smfnew.com


ළඟදිම මාත් මේ Forum එකේ Moderator කෙනෙක් වෙනවලු.
..:: හික්ස් ::..
Read more...
Saturday, August 13, 2011

මොනවද මේ Forex Power Hours කියන්නේ?

4 comments
මේ දවස් වල ගොඩක් දෙනෙක් උනන්දු මාතෘකාවක් තමයි Forex කියන්නේ. මතකනේ කාලයක් E-money ගැන පංති ආවා. දැන් ඔන්න Forex පංතිත් පටන් අරන්. ඒත් ඉතින් මම නම් ඕවා කියලා දෙන්නේ නිකන් නොවැ.
..:: හික්ස් ::..
අපේ වැඩකිඩ Contact Form එකෙන් කෙනෙක් අහලා තිබුණා Forex කරන්න හොඳම කාලය මොකක්ද කියලා. ඒ නිසා තමයි මං හිතුවේ අනිත් අයටත් දැන ගන්න මේ ගැන දාන එක හොඳයි කියලා.


Forex වලදි හොඳම කාලය කියලා එකක් නෑ ඉතින්. Loss වෙන්නෙ නැතුව Trade කරනකන් ඒක තමයි හොඳම කාලය. ඒත් Forex Market එකේ Liquidity Hours වලදි Trade කරොත් Profit එක Maximize කරගන්න පුලුවන්. මෙන්න මෙතනදි තමයි Power Hours කියන දේ වැදගත් වෙන්නේ. කෙටියෙන්ම කියනවනම් මේකෙන් කියන්නේ Volume සහ Volatility කියන සංකල්ප දෙක ගැන.


Power Hours වලදි මේ Volume සහ Volatility කියන සංකල්ප දෙක උපරිමය කරා ලං වෙනවා. High Volume කියන්නේ විවිධ Currency Pairs ඉතා විශාල වශයෙන් ගැනීම හා විකිණීම. High Volatility කියන්නේ ඉතාමත් වේගයෙන් මිල උච්චාවචනය වීම. මෙන්න මේ Power Hours හැදිලා තියෙන්නේ ගොඩක් වෙලාවට European (London) Session එක හා US (New York) Session ආරම්භ වන හා අවසාන වන කාල වලදී. පහළ තියෙන්නේ Power Hours වේලාවන්


GMT වලින් නම්,
European (London) Session - 06.00 - 14.00
US (New York) Session - 12.00 - 19.00

‍ශ්‍රී ලංකාවේ වෙලාවෙන් නම්,
European (London) Session - 11.30 am - 7.30 pm
US (New York) Session - 5.30 pm - 0.30 am


මෙන්න මේ Power Hours වලදී පහත තියෙන Pairs වලින් ලාභ ලබන්න පුලුවන්.
  • EUR/USD
  • USD/CHF
  • USD/CAD
  • GBP/JPY
  • GBP/CHF 
Power Hours වලදී ගොඩක්ම වැදගත් වෙන්නේ Hot Zone එක. ඒ කියන්නේ European (London) Session එක හා US (New York) Session එක Overlap වෙන කාලය. කෙටියෙන්ම කියනවනම් European (London) Session එක අවසන් වන හා US (New York) Session එක ආරම්භ වන වේලාවන් අතර කාලය. (ලංකාවේ වෙලාවෙන් නම් 5.30 pm - 7.30 pm අතර කාලය.)


මීට අමතරව USD/JPY Pair එක ගැන උනන්දු අයට Liquidity වැඩි වෙන්නෙ Asian Session එකේදි.

GMT වලින් නම්, 
Asian Session - 22.00 - 06.00

‍‍ශ්‍රී ලංකාවේ වෙලාවෙන් නම්,

Asian Session - 3.30 am - 11.30 am


Forex Market එක අඩුවෙන්ම Active වෙලාව තමයි European - Asian Sessions Overlap වෙන කාලය. මේ වෙලාවෙ තමයි Professional Traders ලා පොඩි නින්දක් දාන්නේ. ඒ නිසා මේ වෙලාවට කියනවා Cold Zone කියලා. මේ වෙලාවෙ Trade කරන එක ටිකක් අනතුරුදායකයි මොකද Price Movements ගොඩක්ම අඩු නිසා.

ඔන්න මං නැකැත් වේලාවන් ටික දුන්නා. නැකත බලලම වැඩ අල්ලන්නකෝ එහෙනම්.
..:: හික්ස් ::..
Read more...
Wednesday, May 18, 2011

RoboForex වල $5 නිකන් ගන්න හැටි

30 comments
මං ඊයේ දාපු මෙන්න එක දවසින් Forex කරලා ගත්ත ආදායම කියන Post එක බලන්න මේ වෙනකොට 1000 ටත් වඩා ඇවිත්. Forex ගැන මාර උනන්දුවක්නේ අපේ කට්ටියට තියෙන්නේ. වැඩ කිඩ Contact Form එක හරහා ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද මේකට $5 ගන්නේ කියන එක. ඔන්න ඒක Step By Step විස්තර කරනවා.




1. මුලින්ම මේ පහල තියෙන Site එකට යන්න.

 

2. දැන් උඩින්ම තියෙන Open a Live Account ක්ලික් කරන්න. එතකොට Register Form එකක් එයි. ඕක Fill කරන්න. ඔයාලා දිගටම ඕක කරන්න බලාපොරොත්තු වෙනවනම් ඇත්තම විස්තර දෙන්න. මොකද $ 500 වගේ එකපාර ගන්නවනම් ඕකේ නමයි Withdraw කරන Account එකේ නමයි සමාන වෙන්න ඕනේ.

3. Currency වලට USD දෙන්න. ඉක්මනට සල්ලි ගන්න එක නම් ඔයාලගේ පරමාර්ථය Account Type එකට Fix-Cent දෙන්න. ඔයාලා ගොඩක් සල්ලි දාලා කරන්න අදහසක් තියෙනවනම් විතරක් Pro-Cent හරි Pro-Standard හරි තෝරන්න. ඔයාට Forex ගැන වැඩි දැනුමක් නැත්තම් Fix-Cent ම Select කරන්න.

4. Leverage එකට 500 : 1 දෙන්න. එතකොට පොඩි Trades උනත් Execute කරන පුලුවන්. අනික Risk එකත් ගොඩක් අඩුයි. Get Welcome Bonus කියන එකට හරි ලකුණ වැටිලද බලන්න.

5. ඔය Form එක Confirm කරාම Email එකට Activation Code එකක් එයි. ඒක දාලා Registration Process එක ඉවර කරලා දාන්න. එතකොට ඔයාලට එයි Password අඩංගු Email එකක්.

6. ඔය Email එකේ Password from the Live Account කියන්නේ ඔයාලට Site එකේ ඔයාලගේ Account එකට Log වෙන්න දෙන Password එක. Email එකේ තියෙන Account Information යටතේ තියෙන Account Number හා МТ4-password කියන්නේ MetaTrader4 කියන Trading Terminal එකට Log වෙන Details. 

7. Trade කරන්න නම් ඔයාලට MetaTrader4 කියන Trading Terminal එක Download කරගන්න වෙනවා. ඒක Download කරගෙන Account Information යටතේ තියෙන Account Number හා МТ4-password දීලා Trading Terminal එකට Log වෙන්න. ඕකෙ තියෙන Information කැමතිනම් පුරවන්න නැත්තම් Cancel කරලා දාන්න.

8. දැන් කියන්න යන්නේ $5 Account එකට ගන්න හැටි. 







Terminal එකේ වම් අත පැත්තේ තියෙන Navigator Pane එකේ Verify Client කියන එක Double Click කරන්න. එතකොට ඔයාලගේ Account එකට $ 5 වැටුන බව පෙන්නලා පහල තියෙන Picture එක වගේ එකක් එයි.





දැන් හරි. දැන් Account එකේ $5 තියෙනවා. ඔයාලට පුලුවන් Real Trader කෙනෙක් වගේ Trade කරන්න.




Forex Trading ගැන සම්පූර්ණ විස්තර ඇතුලත් Ebook එකක් ඕනෙනම් පහල Link එකෙන් ගන්න.
Read more...

මෙන්න එක දවසින් Forex කරලා ගත්ත ආදායම

14 comments
මුලින්ම කියන්න ඕන මේක වැදගත් වෙන්නේ Online Money Earn කරන අයට වගේම Forex ගැන උනන්දුවක් දක්වන අයට විතරයි.


මේ Forex Site එක අලුත් එකක්. ඔයාලා Register වෙනකොට ඔයාලට Trade කරන්න $5 නිකන් දෙනවා. ඒ $5 න් Trade කරලා ලාබයක් තියෙනවනම් ඔයාලට පුලුවන් ඒක ඒ වෙලාවෙම Withdraw කරන්න. උදාහරණයක් විදිහට කියනවනම් ඔයා නිකන් හම්බුන $ 5 න් Trade කරලා ඔයාලගේ Balance එක $ 6 වෙනකන් වැඩි කරගත්තා කියමුකෝ. දැන් ඔයාට පුලුවන් $ 1 ක් Withdraw කරන්න. කිසිම Account Verification එකක් ඕනේ නෑ. ඉල්ලලා විනාඩි 5 න් සල්ලි ටික Account එකට වැටෙනවා.


මං එක දවසින් නිකන් හම්බුන $5 , $ 10 ක් කලා. ඒක මං Liberty Reserve එකට Withdraw කරා. බලන්නකෝ Payment Proof එක.





PTC වලට වඩා කොච්ච්ර Simple Plan එකක්ද?
..:: හික්ස් ::..

ඔන්න කැමති අය ඉන්නවනම් Try කරලා බලන්න.


වැඩි විස්තර මෙතනින් : RoboForex වල $5 නිකන් ගන්න හැටි
Read more...
Wednesday, April 13, 2011

Forex කරන අයට Free $5 ක් ගන්න අවස්ථාවක්

8 comments
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න අලුත් අවුරුද්දට ඔයාලට පොඩි තෑග්ගක් අරන් මං ආවේ. මේක Forex කරන අයට නම් ගොඩක් වැදගත් වෙයි.


මේ Forex Site එකේ මම Affiliate කෙනෙක් විදිහට ඉන්නවා. ඒකෙන් මට Coupon Code වගයක් හම්බුනා. ඒ Coupon Code ගහලා Register වෙන අයට $5 ක් Free හම්බෙනවා. ඒත් මං මගේ Account එක Verify කරපු නිසා මගේ Affiliate Link එකෙන් Register වෙන අයට පුලුවන් දැන් නිකන්ම $5 ක් Free ගන්න.


ඒත් මේ $5 පරිස්සමෙන් පාවිච්චි කරන්න. Forex කරන අය නම් දන්නවා ඇති ඔය $5 විනාඩියෙන් ඉවර වෙන්නත් පුලුවන්. හැබැයි මුල්ම Payout එකට මේගොල්ලෝ $7 ක් කපාගන්නවා. ඊට පස්සේ කිසිම ගානක් කැපෙන්නේ නෑ.


ඕනම ප්‍රශ්නයක් දැනගන්න පුලුවන් Live Chat එකෙන්. ඒකේ හරි Friendly විදිහට අපිට උත්තර දෙනවා. කැමති අය (Forex දන්න) මේක Try කරලා බලන්න.


දන්නේ නැති අය උනත් කැමතිනම් Register වෙලා Virtual Money වලින් Trade කරලා Forex ඉගෙන ගන්න. පල්ලෙහා තියෙනවා Register වෙන බැනර් එක.





Read more...
Tuesday, March 8, 2011

වැඩකිඩ Forex පාඩම් (අංක 1)

7 comments
Forex ගැන කිව්වම අද ගොඩක් අයට අමුතු Kick එකක් එනවා. මොකද වැඩි දෙනක් කියනවනේ Forex කියන්නේ සල්ලි උල්පතක් කියලා. මම කලින් දාපු Forex ගැන උනන්දු අයට කියන Post එකේදී මෝල්ඩර් ෆයිල්ස් හා toptenptcsites.co.cc කියන යාලුවො දෙන්නා දාලා තිබුනා මේ ගැන ටිකක් විස්තර කරන්න කියලා.


මේක ටිකක් Stock Market එකට සමානයි. ඒත් Forex වලදි ක්‍රියාත්මක වෙන්නේ Money Market Transaction. ඒ කියන්නේ කෙටි කාලීන ගනුදෙනු වෙළඳපලක්. අනික මේකෙදි අපිට Bull Market හා Bear Market කියන අවස්ථා දෙකෙන්ම ලාභ ලබන්න පුලුවන්.


දැන් ඔයාලා බලයි මොකක්ද මේ Bull and Bear Market කියන්නේ කියලා.
..:: හික්ස් ::..


Bull Market කියන්නේ අගය දිගින් දිගටම වැඩිවන වෙළඳපලක්. මොකද හරකා කියන්නේ ක්‍රියාශීලී සතෙක්නේ. ඒත් වලහා කියන්නේ මහම එපා කරපු කම්මැලි සතෙක්. ඒ කියන්නේ Bear Market කියන අවස්ථාවෙදී අගය දිගින් දිගටම වැඩි වෙනවා. ඔන්න ඔය අවස්ථා දෙකෙන් තමයි අපි සල්ලි හොයන්න යන්නේ.


මෙතනදි අපි Buy හා Sell කරන්නේ Currency Pair එකක්. නිකන් අපි Stock Market එකේ Stock Trade කරනවා වගේ.

මේ වගේ ගොඩක් ජනප්‍රිය Currency Pair කීපයක්ම තියෙනවා. එතනින් 90% පමණ දෙනා Use කරන්නේ EUR/USD කියන Pair එක තමයි.

කොහොම උනත් මේ Currency Pair කියන්නේ නිකන් බඩුවක් වගේ තමයි. කඩේ බඩුවල ගාන බලන්නේත් විකුණන්නේත් බරටනේ. Forex වලදී ඔය බර තැබීමට කියන්නේ Lots කියලා. ඒ වගේ පොඩි උදාහරණයකට කියනවනම් අපි කඩේකට ගිහින් හාල් කිලෝ 3 ක් ගන්නවා කියලා හිතන්න කිලෝ එකක් රුපියල් 100 ගානේ. අපි ඕක Forex වලට සමාන කරමු.
බඩුව = හාල් = Forex වලදී EUR/USD
බර  = කිලෝ 3 යි = Forex වලදී Lot Size එක 3 
එකක මිල = රු. 100 = Forex වලදී 1.3534 
මුලු වියදම = රු. 300 = Forex වලදී $ 406,020 ( 1.3534 ‍x 3 x 100,000 )

දැන් ඔයාලා බලයි Forex කරන්න කොහෙන්ද යකෝ මෙච්චර සල්ලියක් කියලා. $ 406,020 ක්? බය වෙන්න එපා ඔය ගානම යන්නේ නෑ ඔයාලට. මෙතනදී එනවා Leverage කියලා එකක්.

ගොඩක් එක එක Forex Traders ලා එක එක Leaverages දෙනවා. මං Forex කරන UWCFX කියන Site එකේ මං Open කරලා තියෙන Account එකේ Leaverage එක 500 : 1 ක්. ඒ කියන්නේ ඔය ගානෙන් 500 න් එකක් තමයි Lot 3 ක් ගන්න යන්නේ. බලන්නකෝ මේ උදාහරනේ.

EUR/USD එකක ගාන 1.3534 ක් තියෙන වෙලාවක් EUR/USD වලින් Lot එකක් ගන්න කීයක් යනවද කියලා බලන්න.

Total Cost = 1.3534 x 100,000 x 1 = $ 135,340 
500 :1 Leaverage එක නිසා යන වියදම = $ 135,340 / 500 = $ 270.68

බලන්න මේ වගේ වෙලාවක අපිට වියදම් වෙන්නේ $ 270.68 විතරයි. ඒත් එච්චර ගානකුත් අපිට ලොකුයි නේ. ඒ නිසා අපි Trade කරනවා පොඩි Lot ඒ කියන්නේ Lot Size එක 0.01 වගේ ඒවා. එතකොට අපිට යන්නේ $ 2.7068 නේ. ඒකියන්නේ $ 2.71 වගේ.

මේ Post එක ලොකු උනා වගේ. මේ දවස් වල ටිකක් Busy. මං ළඟදිම තව Post එකක් දාන්නම්කෝ.
Read more...
Friday, March 4, 2011

Forex ගැන උනන්දු අයට

8 comments
Internet Money නැත්තම් E Money ගැන කිව්වම අපේ ගොඩක් අය කියන්නේ Bux Site ගැන. ඒත් මේ දවස් වල ටිකක් Forex ගැනත් උනන්දුවක් තියෙනවා. ගොඩක් අය මේක අත හැරලා දාන්නේ මේකට ගොඩක් සල්ලි ඕන නිසා. මොකද Forex Trading Terminal තියෙන Forex Brokers ලා ගොඩ දෙනෙක්ගේ Minimum Deposit එක $ 25 වගේ.

ඒත් මම කියන මේ UWCFX කියන Site එකේ Minimum Deposit  එක $ 1 විතරයි. Alertpay, Moneybookers වගේ ගොඩක් Money Processors මේකට Support කරනවා. ඒත් Paypal නම් නෑ.


Minimum Deposit එක $1 උනාට ඇත්තම කියනවනම් $ 1 කින් 0.1 Size Lot එකක් වත් Trade කරන්න බෑ. ඒකට අඩුම ගානේ $ 3 ක් වත් ඕනේ.


මං Forex ගැන Theory නම් හොඳට දන්නවා. Forex Leverages, Bull, Bear Markets, PIPS වගේ ඒවා ගින්දර වගේ පුලුවන්. මොකද ඕවා මං ඉගෙනගෙන තියෙනවා ඇට්ටි හැලෙන්න. ඒත් Practical කරලා නෑ. ඔන්න මාත් පොර වගේ බය නැතුව වැඩේට බැස්සා.  මුල්ම වතාවේ $5 ක් දැම්මා Alertpay එකෙන්.


ඔන්න මුල්ම දවසේ $ 3 ක් Profit. මට Full Happy. මොකද 60% ලාබයි නේ. දෙවෙනි දවසේ මුලු $ 8 ම ඉවරයි. අපරාදේ මාස ගානක් කට්ට කාලා Bux Site වලින් හොයපු සල්ලි.


ඔන්න දෙවනි වතාවේ $ 7.50 දැම්මා. ඔන්න එක Trade එකක් Open කරලා මම පොඩි වැඩකට ගියා. ගමන ගිහින් එන්න පැයක් විතර ගියා. මල කෙලියයි ආපහු එනකොට ඒ සල්ලි ටිකටත් කෙල වෙලා.


ඔන්න හිත හදන් ආයෙත් $5 දාලා පටන් ගත්තා. ඊයෙ $ 0.40 ලාබයි. එහෙමම නැවැත්තුවා. මේ පාර ටිකෙන් ටික යන්න තමයි කල්පනාව. බලමුකෝ. 
..:: හික්ස් ::..


ඔන්න Forex පටන් ගන්න ඉන්න අයට මේක හොඳයි. හැබැයි මේක ගොඩක් Risky. සමහර විට දාපු සල්ලි තත්ත්පර 5 කින් ඉවර වෙන්න පුලුවන්. ඒ වගේම තමයි ලාබත්. මොනවා උනත් ටිකක් Practice කරලා වැඩේට අත ගහන එක තමයි ඇඟට ගුණ.
Read more...

Labels

 
වැඩ කිඩ © 2011 Supported by Tricks Finder

All Rights Reserved and Copyscape Protected