Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.
Showing posts with label Blogging. Show all posts
Showing posts with label Blogging. Show all posts

Thursday, September 17, 2015

ආයුබෝවන්...!
රාවනා චරිතය පිළිබදව විවිධ කථිකාවන් සිදුවන වර්තමානයේ අපි ඔබේ අවධානය ලෝකය වෙතට යොමු කරවන්න හිතුවා. එහි දී දැනගන්නට ලැබුණ කරුණු අනුව රාවනා චරිතය පිළිබදව ලෝකයේ ඇති උනන්දුව සහ ඔවුන් ඒ හරහා ගොඩනගන යම් යම් කාරනයන් පුදුම සහගතයි. ඒ අතරින්, ප්‍ර‍ධාන කොට ඉන්දියාවත්, ජපානය සහ ඇමරිකාව සිටිනවා.
රාවනා ඉතිහාසය ගැන සිංහලයන් වන අපට වඩා උනන්දුවක් කැපවීමක් ඉන්දියානුවන් තුල වීම පුදුම සහගතයි. පුරාවෘතය කුමක් වුවත් රාවනා නම් චරිතය යථාර්තයක් කරන්නට කළහැකි සෑම උත්සාහයක්ම ඉන්දියානුවන් දරනවා. ඔවුන්ගේ අවාසනාවට සාධක සියල්ල ලංකාව තුල වීම නිසා රාවනාගේ රාජධානිය බවට ඔවුන් පවා පිළිගන්නේ ලංකාපුරයයි. කරුණු එකින් එක ගෙනහැර දක්වමින් ඔවුන් එය ඔප්පු කරවනවා. ඉන්දීය ඉතිහාසය රාවනා හරහා ගොඩනගන්නට ඉන්දියානුවන් විසින් මෙතරම් වෙහෙසක් දරන්නේ ඊට වඩා බලගතු මෙන්ම ප්‍ර‍භල සාධකයක් ඔවුන් අහලකවත් නොමැති නිසයි. නමුත් ඒ හරහා නිරායාසයෙන්ම ලංකා රාජ්‍යයේ රාවනා අභිමානය මතුවෙනවා.
මේ අතර ඉතාමත් දියුණු ජාතියක්, රටක් වන ජපානය පවා රාවනා ඔවුන්ගේ දරුවන්ගේ මනසට ක්‍ර‍මාණුකූලව ඇතුලු කරවනවා. ඒ වෙනුවෙන් නිර්මාණය වූ පරිගණක ක්‍රීඩා ඊට උදාහරන දෙනවා. රාවනාගේ බල පරාක්‍ර‍මය එතුමාගේ විවිධ හැකියාවන් එහිදී ඔවුන්ට හදුනාගත හැකියි. රාවනා උද්‍යානයේ උමංමාර්ග, කදු හෙල් මිටියාවත් දිගේ යමින් සතුරන් පරාජය කරන රාවනා නම් වූ යක්ෂ සේනාධිපතියාගේ වික්‍ර‍මයන් ඒ හරහා දැකගත හැකියි.
මේ අතර ඇමරිකානුවන්ටත් රාවනා ඉල්ලමක් වන ලකුණු පහළ වී ඇත. මේ වන විටත් රාවනා පුරාවෘතය සම්බන්ධ කථාමාලාවන් සහ තිරපිටපත් සැකසෙමින් පවතිනවා. ඒ හරහා රාවනා පරපුරේ බල පරාක්‍ර‍යන් විවිධ කෘතීන් හරහා ලෝක සිනමාවේත්, වෘතාන්ත චිත්‍ර‍පට වලත් නුදුරේදීම අපටත් දැකගත හැකිවෙයි.
ශ්‍රී ලාංකිකයන්ට නොදැනුනත් රාවනා මේ වන විටත් ලෝකයම වෙනස් කරමින් සිටී. එයයි සිංහලයාගේ චිත්තවේගී අභිමානය. සත්‍ය සගවාලිය නොහැක. අපේම උන් එය යටගැහුවත්, එය තාවකාලික විරාමයක් පමණි. ලොව කොතැනකින් හෝ රාවනා නැවත කරලියට පැමිනෙනු ඇත.
මෙහිදී ඔබට කරන්න කිසිම දෙයක් නොමැතිනම්, බලා සිටින්න.... රාවනා නැවත මතුවනු ඇත.
තෙරුවන් සරණයි...!!! 

Post eka Issuwe FB ekeni...

Tuesday, September 15, 2015

== Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක==

.
හෙට එලියට දාන්න හිටියට තියෙන වැඩත් එක්ක මේකේ script එක ලියලා ඉවර කරගන්න බැරි වෙනවා.. ඒක නිසා අදම දැම්මා
grin emoticon  කොහොමහරි එහා ගෙදර එකා   ගේ මැෂින් එකෙත් දහවතාවක් විතර ටෙස්ට් කර කර බලලා තමයි වැඩේ ඉවර කරගත්තේ.. 
tongue emoticon 
මේකේ එච්චර ලොකු දෙයක් නම් නෑ. ප්‍රෝග්‍රෑම් එක open කරන්න admin permission අනිවා දෙන්න වෙනවා. නැත්නම් network Identify කරගන්න මෙයාට බැරිවෙනවා. Program එක ඩවුන්ලෝඩ් කරගෙන Open කරගත්තහම මේ වගේ ගොරකා පාට window එකක් open වෙයි. pacman emoticon
*. Get Real-time proxies කියන එක click කරහම, internet එක හරහා proxy 30ක් විතර මෙයාම තනියම හොයාගන්නවා..
*. එහෙම නැත්නම් Import by TXT කියන option එකෙන් අපි ගාව තියෙන proxy list එකක් browse කරලා import කරගන්නත් පුළුවන්.
*. ඊට පස්සේ කැමති proxy එක තෝරලා, Change IP කියන එක click කරහම අපේ IP එක වෙනස් වෙනවා. හරිම සිම්පල් ප්ලෑන් එකක් තියෙන්නේ.. grin emoticon
*. ඒත් සුවර් නැත්නම් google එකට ගිහිල්ලා my ip කියලා ගහලා IP එක වෙනස් වෙලාද කියලා බලාගන්න පුළුවන්.. grin emoticon
*. ආයෙත් අපේ පරණ IP එකටම එන්න ඕන නම් Bring me back to Real IP කියන එක click කරන්න.
එහෙනම් එච්චරයි, අපි කැපුනා.. ආ පොඩ්ඩක් ඉන්න.. Download කරගන්න ලින්ක් එක දාන්න බැරි වුනානේ.. grin emoticon
For Windows 7 :- https://www.dropbox.com/s/50vym40ftimfxvj/EazyRouteIP_win7.zip?dl=0
For Windows 8/8.1/10 :- https://www.dropbox.com/s/13gcjiy7lyfymqe/EazyRouteIP_win8-10.zip?dl=0
හරිනේ.. දැන් එහෙනම් අපි කැපෙනවා..
අවුලක් තිබ්බොත් කමෙන්ට් එකක් දාගෙන යන්න.. smile emoticon 


Uputa geneema RksIni LK ගෙනි...



Hacking කියන වචනේ අල්ලාගෙන පිස්සු කෙලින මල්ලිලට මේ කියන්නේ (ඔව් මම අයියා තමයි sunglasses emoticon ) 
film දෙක තුනක් බැලුවා කියලා, youtube එකේ තියන වීඩියෝ එකක් බැලුවා කියලා ,underground forum එකක මෙම්බර් කෙනෙක් වුනා කියලා හැකර් කෙනෙක් වෙන්න බෑ. ගොඩක් එවුන් hacking කියන වචනේ ඔලුවට දාගන්නේ වයසේ වැරැද්ද නිසා. උන් hacking ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව අහුවෙන අහුවෙන එකාට මම හැකර්-මම හැකර් කිය කියා යනවා. ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ forum වල එක එකාට වැද වැද යනකොට deep web අනන්මනන් කෑලි ටිකකුත් අහුවෙනවා. ඊට පස්සේ ඉතින් හැකර් කියන්නේ මටම තමයි කියලා හොද කාඩ් එකකුත් ගහගන්නවා.. තව මදි නම් blog එකක්, එහෙම නැත්නම් රට පුරා spam පාරක් ගහලා forum එකක් හරි පටන්ගන්නවා.. grin emoticon ඒත් ගොඩක් එවුන් "hacking" කියන වචනේ කොච්චර දුරට ව්‍යාප්ත වෙලා තියෙනවද කියලාවත් දන්නේ නෑ.
මේකේ නීතිමය පැත්ත ගත්තොත් "2007 අංක 24- පරිගණක අපරාධ පනත" හරහා තමයි දඩුවම ලැබෙන්නේ.. hack කරනව් වගේම, hacking කියලා දෙනවා කියන්නේ ඒකෙ හැටියට වරදක්. වැරැද්දේ හැටියට ජීවිතාන්තය දක්වා වුනත් අච්චුව තියන්න රජයට බලතල තියනවා. තව එකක්, මේ ලෝකේ anonymous කියලා දෙයක් නෑ. networking වගේ කරන අය නම් දන්නවා මොකක්ද මම කියන්නේ කියලා. IP එක hide කරා කියලා, tor හරහා tunneling පාරක් දැම්මා කියලා කාටවත් හැංගිලා ඉන්න බෑ. ඒක නිසා වැරද්දක් කරොත් අනිවාර්යෙන්ම ගෙදරටම ඇවිල්ලා කුදලාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. grin emoticon
සුද්ද සිංහලෙන්ම කිව්වොත් hacking කියන්නේ නීති විරෝදී වැඩක්.. අහු වුනාට පස්සේ ලංකාවේ නීති වල හැටියටනම් කෙලින්ම ඇතුලේ.. හතර වෙනි තට්ටුවට අරගෙන ගිහිල්ලා @ට දෙක ලාච්චුවට දාල ප්‍රශ්න කරනවා. එතකොට කොහොමද සනීපේ. එළියේදී සද්දේ දාන ඕන චන්ඩියෙක් හතර වෙනි තට්ටුවේදී හොටු පෙරාගෙන අඩනවා.pacman emoticon
අනිත් එක උබලා හිතනවද hacking කරලා හිරේ ගියා කියලා එක වීරකමක් වෙනවා කියලා? නෑ බන් උබ වැරදියි. උබ ඇතුලට ගිහිල්ලා එලියට ආවත් සමාජෙන් උබට ගහන්නේ අර කුඩුකාරයටයි, තමන්ගේ අම්මව මරපු මිනීමරුවටයි ගහන කාඩ් එකම තමයි. උබ හෙන මොලයක්, උබ තමයි වැඩකාරයා කියලා උබව කම්පැනි එකකින් වැඩට ගනීවි කියලා හිතනවද? නෑ බන් ඒත් නෑ. ඕනම කම්පැනි එකක තියනවා "විශ්වාසය" කියලා එකක්. අන්න ඒක උබ ඇතුලට යනකොට කඩලා ඉවරයි. ලංකාවේ කම්පැනියකින් උබට ඉන්වයිට් එකක් ආවොත් එන්නේ ඒ වගේම දෙකයි පනහේ එකකින්ම තමයි. පිටරට නම් ඕක කරන ක්‍රමවේදය මීට වඩා වෙනස්. ලංකාවේ අපිට නම් ඉතින් හොදට තියෙන @ට දෙකත් තලාගෙන පැත්තකට වෙලා ඉන්න තමයි අන්තිමට ඉතුරුවෙන්නේ.. grin emoticon
-අදට එච්චරයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි. මට දැන් නිදිමතයි. මම කැපුනා.
ජය~! grin emoticon
වැරදි තියේනම් ශේප් එකේ හරිගස්සපන් ඇ. 


Uputa geneema RksIni LK ගෙනි...

Sunday, December 18, 2011


වැඩකිඩ Contact Form එක හරහා යාලුවෙක් අහලා තිබ්බා Site එකක් නියම Keywords අනුව SEO (Search Engine Optimization) කරන්නේ කොහොමද කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. SEO නැත්තම් Search Engine Optimization කියන්නේ කෙටියෙන්ම කියනවනම් ඔයාලගෙ බ්ලොග් එක හරි සයිට් එක හරි Search Engines වල මුල්ම Results අතරට ගේන එක.

 ඒකට අපිට නොයෙක් SEO Tools පාවිව්චි කරලා Backlinks හදාගන්න පුලුවන්. ඒත් ඒ Backlinks ගොඩක්ම ඒවා කිසිම Quality එකක් නෑ. එහෙම උනාම අපේ සයිට් එක Google වලින් Spam විදිහට දාන්නත් පුලුවන්. Backlinks හදාගන්න නියම සහ ඵලදායීම ක්‍රමය තමයි Keyword Optimized Backlinking කියන්නේ. සරලව කියනවනම් මොකක්හරි Keyword එකකට අදාලව අපේ Site එකේ Backlinks Create කිරීම තමයි හොඳම. ඔන්න ඕකට මම පොඩි Script එකක් හැදුවා. හැදුවා කිව්වට හැදුවම නෙවෙයි Code එකක් Modify කරලා HTML වලට හැරෙව්වා. මේ පහල තියෙන්නෙ ඒ Tool එක.


මේකෙන් ඔයාලට අවශ්‍ය කරන විදිහෙ Sites Google වලින් හොයලා දෙනවා. ඔයාලට තියෙන්නෙ එන Result ලිස්ට් එකෙන් කැමති ඒවට ගිහින් හොඳ Quality Backlinks Create කරන එක. හැබැයි Spam Comment නම් දාන්න එපා.


Use these different Google queries to sites to create backlinks.
But please don't spam!
Keyword
Find

ඔය Tool එක ඉතින් ගොඩක්ම වටින්නේ English Blogs කරන අයටයි, Adsense වගේ කරන අයටයි තමයි. මේ ක්‍රමෙන් හරියට Anchor Text එහෙම දාලා Dofollow හා NoFollow Comments combination එකක් දාලා Backlinks හැදුවානම් හොඳ PR එකක් එක්ක Site එකක් හදාගන්න එක ගේමක් නෑ.

සමහරුන්ගෙ Browsers වලට මේ script එක වැඩ කරන එකක් නෑ මං මේ දැන් දාලා තියෙන Template එකේ පොඩි පොඩි දෝෂ නිසා. එහෙම අය මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් වැඩේ කරගන්න. මං පොඩි බ්ලොග් කෑල්ලක් ඇටෙව්වා මේ Script එක Test කරන්න.

SEO Tool 

මේ Tool  එකෙන් දිගටම වැඩ ගන්න කැමති කට්ටිය ඉන්නවනම් Bookmark පාරක් දාගන්න.

Thursday, October 27, 2011

Blog එකකින් සල්ලි හොයනවනම් ඉතින් Adsense ම තමයි. ඒත් ඉතින් එතකොට Blog එක ඉංග්‍රීසියෙන් කරන්න ඕනෙ. මොකද Sinhala Blogs වලට Adsense Support කරන්නේ නෑනෙ. මාත් කාලයක් Adhitz Ads දාලා තිබ්බා. ඒත් වැඩක් නෑ. මාස 4 වෙලත් එකතු උනේ $ 0.38. අනික Payout එකත් $25 වෙනකන් ඉන්න ඕනෙ. අද මට හම්බුනා නියම Network එකක්. ඒක තමයි ity.im


මම මේක හොඳයි කියන්නේ හේතු කීපයක් නිසා. මූලිකම හේතුව තමයි මේක සිංහල භාෂාවෙන් තියෙන බ්ලොග් වලටත් Support කරනවා. මේක ගොඩක් අයට වැදගත් වෙයි මොකද වැඩි දෙනෙක් බ්ලොග් කරන්නේ සිංහලෙන්නේ. අනිත් ගොඩක් Networks සිංහල වලට Support කරන්නේ නෑනෙ. ඒ නිසා නිකන් තියෙන Blog එකෙන් කීයක් හරි හොයා ගන්න මේක හොඳ අවස්ථාවක්.


තව හේතුවක් තමයි මේකෙ Clicks වලට විතරක් නෙවෙයි ගෙවන්නේ. Page Impressions වලටත් ගෙවනවා. ඒ කියන්නේ ඔයාගෙ බ්ලොග් එකට කට්ටිය එනවා නම් Click නොකරත් සල්ලි හම්බෙනවා. මං මේ Ads දාලා  පැය 5 කට විතර පස්සේ බ්ලොග් එකේ එකම Ad Click එකක්වත් නැතුව මට $0.02 හම්බ වෙලා තිබ්බා Page Impressions වලින් විතරක්.


මේ Site එකෙන් ක්‍රම කීපයකට සල්ලි හොයන්න පුලුවන්. එකක් තමයි තමන්ගේ Blog එකේ හරි Site එකේ හරි Ads දාලා. තව ක්‍රමයක් තමයි Url Shorten කියන්නේ. ඒ කියන්නේ අපි මොකක්හරි Web Address එකක් කෙටි කරලා ඒ ලින්ක් එකෙන් සල්ලි හොයන එක. නිකන් adf.ly, linkbucks, goo.gl වගේ. තවත් ක්‍රමයක් තමයි Referrals ලා මගින්. මේ ක්‍රම නිසා ඉක්මනටම අපිට අනිත් Networks වලට වඩා කලින් සල්ලි හොයන්න පුලුවන්. මේකට කැමති කට්ටිය පල්ලෙහා තියෙන Banner එක Click කරලා Register වෙන්නකෝ.




ආහ්. කියන්න අමතක උනානේ. මේකෙ Minimum Payout එක $ 3.00 යි. ඒ නිසා ඉක්මනටම Payout එකත් ගන්න පුලුවන් වෙයි. Paypal වලට තමයි ගෙවන්නේ.

Friday, October 7, 2011

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලොග් Post එකක් දැම්මම ඒක අනිත් අය අතරේ ප්‍රචාරය කරන්නේ කොහොමද කියන එක. ඒකට ගොඩක් අය කරන්නේ FB එක පුරාම Link දදා යනවා. ඒත් මේ ක්‍රමෙන් පුලුවන් අපිට නිකන්ම FB Like, Tweets, Google +1 ගන්න.


හැබැයි මේක සිංහලෙන් බ්ලොග් කරන අයට නම් ඒතරම්ම වැදගත් වෙන එකක් නෑ. ඒ උනාට සිංහලෙන් බ්ලොග් කරන අයත් කැමතිනම් තමන්ගේ Post එකට තියෙන FB Like, Tweets සහ Google +1 ගාන වැඩි කර ගන්න, මේක ගොඩක් හොඳ ක්‍රමයක්. මේකෙ නම තමයි Facebook Promotions. මේකත් ටිකක් Twiends වගේ එකක්. ඒ උනාට මේක ඊට වඩා Advanced. මොකද මේකෙන් FB වලට අමතරව Google +1 හා Traffic Exchange තියෙනවා. ළඟදීම Digg, StumbleUpon, LinkedIn, YouTube වගේ ඒවටත් Support කරනවලු. කැමති අය මේ පහල Banner එකෙන් Register වෙන්නකෝ.

FBPromo

 මේකෙ කරන්න තියෙන්නේ මේකයි. ඔයාලා අනිත් අයගේ Posts වලට Like කරනවා. ඒ හැම Like කරන Post එකකටම ඔයාලට Coins ප්‍රමාණයක් හම්බෙනවා. එහෙම ඔයාලා උපයගත්ත Coins වලින් පුලුවන් Add Site ගිහින් ඔයාලට කැමති Social Site එකකින් කැමති ප්‍රමාණයක් Likes ගන්න. මෙන්න මෙහෙමයි කරන්නේ. මුලින්ම යන්න Menu එකේ Add Site කියන එකට.




ඔය පේන රූපෙ රතු පාටින් රවුම් කරලා තියෙන තැනින් තෝරන්න ඔයා Submit කරන්නේ මොකටද කියලා. Traffic Exchange වලින් පුලුවන් ඔයාලගෙ Site එකට Traffic ගෙන්නගන්න. ඒ උනාට Site එකට Adsense දාලා නම් Traffic Exchange කියන එක පාවිච්චි කරන්න එපා. Adsense Ads නැත්තම් පාවිච්චි කරාට කමක් නෑ.


ඊට පස්සේ Likes ඕන Link එකයි Link එකේ Title එකයි දාන්න. CPC කියන තැනට එන්නේ ඔයා එක Like එකක් ගන්න Coins කීයක් දෙනවද කියන එක. ඒ කියන්නේ අපි ගාව Coins 50 ක් තියෙනවනම් CPC එකට 2 ක් දැම්මොත් Likes 25ක් හම්බෙනවා. ඔතනට CPC එක ලොකු ගානක් දැම්මොත් අපිට ඉක්මනින්ම Likes ලැබෙනවා. මොකද CPC එක වැඩිම ඒවා තමයි මුලින්ම එන්නේ. ඊට පස්සේ Add Site කරන්න.

ඊට පස්සේ My Sites ගියාම ඔයාලට පෙනෙයි කලින් Submit කරපු Link එක ඉස්සරහින් මෙහෙම එකක් 
ඕකෙන් කොල පාට + ලකුණ තියෙන එක ඔබලා ඔයාල කැමති Coins ගානක් ඔය ලින්ක් එකට Add කරන්න. එතකොට ඔය Coins ගාන ඉවර වෙනකන්ම Likes වැටෙනවා. පැයකින් විතර ඔයාගේ Post එක බලන්නකෝ Likes ප්‍රමාණය වැඩි වෙලා තියෙන හැටි.

Saturday, September 17, 2011

මේක තමයි වැඩ කිඩ බ්ලොග් එකේ දාන 50 වෙනි Post එක. 50 වෙනි Post එක වෙනුවෙන් හැමෝටම වැදගත් වෙන දෙයක් තමයි දෙන්න යන්නේ. අද ඔයාලට කියලා දෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හරි Website එකේ හරි තත්ත්වය බලාගන්න පුලුවන් Site එකක් ගැන. මේකෙ නම තමයි WooRank. හරියටම කියනවා නම් මේක Website Analysis Tool එකක්.

http://www.woorank.com


මේ Website එකේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් ඔයාලගෙ බ්ලොග් එක Rank කරනවා. එහෙම Rank කරන්නේ කරුණු විශාල ගණනක් සලකා බලලා. ඔයාලට තියෙන්නේ ඔයාලගෙ බ්ලොග් එකේ නම ගහන්න විතරයි. ඔන්න වැඩකිඩ බ්ලොග් එකේ Rank එක බලා ගන්න පුලුවන් මේ පහල තියෙන පිංතූරෙන්.






දැන් ඔයාල බලයි Rank කරා කියලා බ්ලොග් එකට ඇති වැඩේ මොකක්ද කියලා. ඔන්න බ්ලොග් එක Rank උනාට පස්සේ එනවා Report එකක්. මේ Report එකේ ඔයාගේ බ්ලොග් එක ගැන හැම විස්තරයක්ම තියෙනවා. ඒ විතරක් නෙවෙයි බ්ලොග් එකේ තියෙන වැරදි සේරම පෙන්නනවා. දැන් ඒ වැරදි බලලා ඒ වැරදි කොහොමද නිවැරදි කරගන්නේ කියලත් එයාලා කියලා දෙනවා. ඔන්න මේ Site එක ගැන දැනගන්න කලින් මගේ බ්ලොග් එකේ Meta Tag, Meta Description එහෙම දාල තිබ්බෙත් නෑ. මේකෙන් දැක්කට පස්සේ තමයි ඒවා දාන්න මතක් උනේ.


අනික මේකෙන් අපේ බ්ලොග් එක Backlink වෙලා තියෙන විස්තර එහෙමත් බලා ගන්න පුලුවන්. ඒ නිසා SEO කරන්නත් ලේසියි. මං මුලින්ම Check කරනකොට මට Blog එකට ආවේ Rank එක 39.6 විතරයි. ඒත් වැරදි එහෙම හරිගස්සලා ගත්තම ඔන්න දැන් 47.7 තියෙනවා. තව වැරදි එහෙම තියෙනවා. ඒ ටිකත් හිමිහිට හදා ගන්න ඕන. ඔයාලත් ඔයාලගේ Rank එක Check කරලා එක එක්කෙනාගේ Site එක්ක සංසන්දනය කරලා බලන්නකෝ. බලලා ඉතින් අපිටත් කියන්න්කෝ ඔයාලගෙ Rank එකත්.

Thursday, July 14, 2011

Blog එකේ වම් පැත්තෙන් දාගන්න පුලුවන් ගොඩක් ලස්සන Share Buttons ඇතුලත් Bar එකක් ඔයාලට දෙන්න තමයි අද යන්නේ. වැඩි කතා මොකටද අපි බහිමු වැඩේට. මේ පිංතූරේ තියෙන්නේ ඔයාලට ලැබෙන Share Button Bar එක තමයි.


මේක දෙන්නේ Share This කියන Website එකෙන්.

මුලින්ම ඔයාල යන්න මෙන්න මේ Link එකට
http://sharethis.com/publishers/get-hovering-buttons

ඊට පස්සේ ඔයාලට ඕන Buttons ටික Select කරලා Get The Code කියන එක Click කරන්න. එතකොට එයි Register වෙන Form එකක්. ඒකත් පුරවලා Submit කරන්න. දැන් ඔයාලට එයි Code දෙකක්.

දැන් එතනින් තියෙන මුල්ම Code එක දාන්න ඔයාලගෙ Template එකට. ඒකට යන්න ඕනේ ඔයාලගේ Blog එකේ Design > Edit HTML වලට. 

දැන් ඕකේ <head> කියන Tag එක තියෙන තැන හොයා ගන්න. ඕක ලේසියෙන්ම හොයාගන්න පුලුවන් Ctrl+F ගහලා යට එන Find Bar එකේ ඔය කෝඩ් එක Type කරාම. දැන් <head> කියන Code එක යටින් මුල්ම Code එක Paste කරගන්න. ඒක නිකන් මේ වගේ Code එකක්.
<script type="text/javascript">var switchTo5x=true;</script><script type="text/javascript" src="http://w.sharethis.com/button/buttons.js"></script><script type="text/javascript" src="http://s.sharethis.com/loader.js"></script>

හරි දැන් Template එක Save කරගන්න උඩ තියෙන Save Template Button එක ඔබලා.

තාම වැඩේ ඉවර නෑ. දැන් Blog එකේ Design ගිහින් Page Elements කියන එකට යන්න. ගිහින් ඕකෙන් Add a Gadget ලින්ක් එකේ Click කරලා HTML/JavaScript කියන Gadget වර්ගය තෝරාගන්න.

දැන් ඔයාට ලැබෙන Window එකේ Content කියන තැන දෙවනි Code එක Paste කරලා Save කරගන්න. ඒක මේ වගේ එකක්. ඒක ඔයාලටම එන Number එකකින් තමයි Generate වෙන්නේ.

<script>var options={"publisher":"ඔයාලගෙ Publisher අංකය","position":"left","ad":{"visible":false,"openDelay":"5","closeDelay":"0"}}; var st_hover_widget = new sharethis.widgets.hoverbuttons(options);</script>
හරි ඔන්න වැඩේ ඉවරයි. බලන්නකෝ ලස්සනද කියලා.

Tuesday, May 10, 2011

අද කියලා දෙන්න යන්නේ පොඩි HTML වැඩ කෑල්ලක්. මේක අපේ වැඩකිඩ Contact Form එක හරහා යොමු කරපු ප්‍රශ්නයක්. මේක වැදගත් වෙන්නේ බ්ලොග් කරන අයට තමයි.


මේ වැඩ කෑල්ල තමයි Center කරන්න ඕන කරන HTML Code එක. මං ගොඩක් බ්ලොග් වල දැක්ක දෙයක් තමයි බ්ලොග් වලට ඔහේ එක එක Widget දානවා. ඒකෙන් මුලු බ්ලොග් එකේම තියෙන ලස්සන නැති වෙනවා. ඒත් නිකන්ම Code එක දාන්නේ නැතුව ඒක ටිකක් ලස්සනට Modify කරලා දැම්ම නම් ලස්සනත් වැඩි වෙනවා.


ගොඩක් Widget දැම්මම ඒවා Left Align වෙලා තමයි Save වෙන්නේ. ඒත් අපේ Blog Template එකේ Side Bar එක දිග නම් දකුණු පැත්තෙ ගොඩක් ඉඩ ඉතුරු වෙනවා. ඒක නිසා බ්ලොග් එක කැත වෙනවා. මුලු HTML Code එකම Center කරලා දැම්මනම් එල කිරි වගේ ලස්සනට තියෙනවා. නිකන් මගේ වගේ.
..:: හික්ස් ::..


මෙන්න මෙහෙමයි අපේ Widget එක Center කරන්නේ. ඔයාලට ඕන Widget එක උඩිනුයි යටිනුයි පොඩි Code දෙකක් විතරයි දාන්න තියෙන්නේ.
<div style="text-align: center;">
<a href="http://www.syndicatorz.tk/" target="blank"><img src="http://goo.gl/nGozg" /></a>
</div>
ඔය නිල් පාටින් තියෙන්නෙ පොඩි Widget එකක්. ඔයාලට ඕන Widget HTML Code එකක උඩටයි යටටයි ඔය රතු පාට Code එක දැම්මම ඒක Center වෙයි.

Sunday, March 27, 2011

මතකයිනේ මම Blog එකට Alertpay Donate Button එකක් දාන හැටි ගැන කියලා දුන්නා. ඒක බලලද කොහොද කෙනෙක් වැඩකිඩ Contact Page එක හරහා ඉල්ලලා තිබුනා Paypal Donate Button එකක් දාන හැටිත් කියලා දෙන්න කියලා.


කලින් දාපු Alertpay Donate Button ලිපියට මෙතනින් යන්න.


මෙන්න මේ විදිහට තමයි Paypal Donate Button එක දාන්නේ. 


<form action="https://www.paypal.com/cgi-bin/webscr" method="post" "target="_blank">
<input type="hidden" name="cmd" value="_xclick" />
<input type="hidden" name="business" value="ඔයාගේ Paypal Email Address එක
" />
<input type="image" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhz6PsI_PzFbG7zaN6R9-movjV4hBS4pzP7B7mMWx9a162hgkDfSkbTdxzAytzT6R7h84IFMdqMQvpBa-gO3CNE9bxsuQZ_K6ThJNqcRq5xbfOszOyzPcpICefqi_J3Ft4v-4-F8-PqDKw/s1600/paypal.png" border="0" name="submit" alt="PayPal - The safer, easier way to pay online!" />
<img alt="" border="0" src="https://www.paypal.com/en_US/i/scr/pixel.gif" width="1" height="1" />
</form>
ඔය රතු පාටින් තියෙන ටික ඔයාලට ගැලපෙන විදිහට වෙනස් කරලා හදාගන්න. හදලා මේක අලුත් HTML Gadget එකක් විදිහට Save කරගන්න.


සල්ලි යවනකොට Item Price කියන තැනට Donate කරන්න කැමති ගාන ගහලා Update කරන්න. Transaction එක ගැන විස්තරයක් දෙන්න ඕනෙනම් Enter Description කියන තැන ගහන්න.

Thursday, January 27, 2011

ඔන්න අද ඔයාලට කියලා දෙන්නේ අලුත් වැඩ කෑල්ලක්. අපේ ගොඩ දෙනෙක් Online Money Earn කරනවනේ. එහෙම අය අතර ගොඩක් ප්‍රසිද්ධ Money Processing System එකක් තමයි Alertpay කියන්නේ.


මං මේ කියලා දෙන්න යන්නේ ඔයාලට ඔයාලගේ Blog එකට දාන්න Donate Button එකක්. ඒ කියන්නේ අපි හිතමු ඔයාගේ Blog එක දැකලා ඔයාගේ Blog එක වෙනුවෙන් Financial Help එකක් දෙන්න කැමතියි කියලා. එහෙම වෙලාවට ඒ අයට ඔයාගේ Email හොයන්න කරදර වෙන්නෙ ඕනේ නෑ.


කරන්න තියෙන්නේ Donate කරන්න කැමති ගාන Type කරලා Button එක ඔබලා Transaction එක Confirm කරන්න විතරයි. මෙන්න මේකයි Code එක.


<form method="post" action="https://www.alertpay.com/PayProcess.aspx">
    <input type="hidden" name="ap_purchasetype" value="item"/>
    <input type="hidden" name="ap_merchant" value="ඔයාගේ AlertPay Email Address එක"/>
    <input type="hidden" name="ap_itemname" value="පෙන්වීමට කැමති වාක්‍යය (උදා: Donation For Wada Kida)"/>
    <input type="hidden" name="ap_currency" value="USD"/>
    <input type="hidden" name="ap_returnurl" value=""/>
    <input type="hidden" name="ap_itemcode" value=""/>
    <input type="hidden" name="ap_quantity" value="1"/>

    <input type="text" name="ap_amount" value=""/>

    <input type="image" name="ap_image" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgycbRaGOnJWXgiygiQ6cbh1EGWp9T6TLLCi6YzGCbJVopYPbtAUGqocPFr1vhTGTWGulUwnkwCRL-WDYL3X615XWSyxA7EZ3eMzfdRnh8j9gibm3hcztuzd7veJ0CCtG6E5yMmvmGb4l8/s1600/alertpay.png"/>
</form>
ඔය රතු පාටින් තියෙන ටික ඔයාලට ගැලපෙන විදිහට වෙනස් කරලා හදාගන්න. හදලා මේක අලුත් HTML Gadget එකක් විදිහට Save කරගන්න.


Test කරලා බලන්න ඕනේ නම් ඉතින් කීයක් හරි මට Donate කරත් කමක් නෑ. ඔය Blog එකේ යටින්ම තියෙන්න මං හදපු Donate Button එක.

..:: හික්ස් ::..

Friday, December 3, 2010

ඔන්න අලුත් වැඩ කෑල්ලක් එක්ක වැඩ කිඩ මුල්ම පෝස්ට් එක. කතා නැතිව වැඩේට බහිමුකෝ.

ඔයාලා දැකලා ඇති සමහර Blog වල උඩින්ම තියෙනවා Facebook Like Button එකක්. අද පාඩම ඒක ඔයාලගේ Blog එකට දාන්නේ කොහොමද කියන එකයි. නිකන් මෙන්න මේ වගේ.

මුලින්ම යන්න ඔයාලගේ Blog එකේ Design > Edit HTML වලට. ඒකෙ තියෙන Expand Widget Templete කියන  Check Box එක Tick කරන්න. තේරෙන සිංහලෙන් කියනවානම් ඒක තියෙන කොටුවට හරි සලකුණ දාන්න. ..:: හික්ස් ::..

දැන් ඕකෙ තියෙන <data:post.body/> කියන එක හොයාගන්න. ඒක හොයාගන්න ලේසිම ක්‍රමය තමයි Ctrl+F ගහලා යට එන Find Bar එකේ ඔය කෝඩ් එක Type කරන එක. (Copy කරත් කමක් නෑ. හික්ස්.)
ඔය කෝඩ් එක එතකොට Highlight වෙලා පෙනෙයි. හරියටම ඔය කෝඩ් එකට උඩින් මෙන්න මේ කෝඩ් එක Paste කරන්න.

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div style='float:left;margin:4px;'><iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=button_count&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/></div>
</b:if>

දැන් Template එක Save කරන්න. වැඩේ හරි. දැන් එලකිරි වගේ ඔයාලගේ බ්ලොග් එකෙත් මගේ වගේ Facebook Like Button එකක් තියෙයි. කැමති නම් ඉතින් මගේ Like Button එකත් Click කරාට කමක් නෑ. හික්ස්.