Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Tuesday, September 15, 2015




Hacking කියන වචනේ අල්ලාගෙන පිස්සු කෙලින මල්ලිලට මේ කියන්නේ (ඔව් මම අයියා තමයි sunglasses emoticon ) 
film දෙක තුනක් බැලුවා කියලා, youtube එකේ තියන වීඩියෝ එකක් බැලුවා කියලා ,underground forum එකක මෙම්බර් කෙනෙක් වුනා කියලා හැකර් කෙනෙක් වෙන්න බෑ. ගොඩක් එවුන් hacking කියන වචනේ ඔලුවට දාගන්නේ වයසේ වැරැද්ද නිසා. උන් hacking ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව අහුවෙන අහුවෙන එකාට මම හැකර්-මම හැකර් කිය කියා යනවා. ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ forum වල එක එකාට වැද වැද යනකොට deep web අනන්මනන් කෑලි ටිකකුත් අහුවෙනවා. ඊට පස්සේ ඉතින් හැකර් කියන්නේ මටම තමයි කියලා හොද කාඩ් එකකුත් ගහගන්නවා.. තව මදි නම් blog එකක්, එහෙම නැත්නම් රට පුරා spam පාරක් ගහලා forum එකක් හරි පටන්ගන්නවා.. grin emoticon ඒත් ගොඩක් එවුන් "hacking" කියන වචනේ කොච්චර දුරට ව්‍යාප්ත වෙලා තියෙනවද කියලාවත් දන්නේ නෑ.
මේකේ නීතිමය පැත්ත ගත්තොත් "2007 අංක 24- පරිගණක අපරාධ පනත" හරහා තමයි දඩුවම ලැබෙන්නේ.. hack කරනව් වගේම, hacking කියලා දෙනවා කියන්නේ ඒකෙ හැටියට වරදක්. වැරැද්දේ හැටියට ජීවිතාන්තය දක්වා වුනත් අච්චුව තියන්න රජයට බලතල තියනවා. තව එකක්, මේ ලෝකේ anonymous කියලා දෙයක් නෑ. networking වගේ කරන අය නම් දන්නවා මොකක්ද මම කියන්නේ කියලා. IP එක hide කරා කියලා, tor හරහා tunneling පාරක් දැම්මා කියලා කාටවත් හැංගිලා ඉන්න බෑ. ඒක නිසා වැරද්දක් කරොත් අනිවාර්යෙන්ම ගෙදරටම ඇවිල්ලා කුදලාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. grin emoticon
සුද්ද සිංහලෙන්ම කිව්වොත් hacking කියන්නේ නීති විරෝදී වැඩක්.. අහු වුනාට පස්සේ ලංකාවේ නීති වල හැටියටනම් කෙලින්ම ඇතුලේ.. හතර වෙනි තට්ටුවට අරගෙන ගිහිල්ලා @ට දෙක ලාච්චුවට දාල ප්‍රශ්න කරනවා. එතකොට කොහොමද සනීපේ. එළියේදී සද්දේ දාන ඕන චන්ඩියෙක් හතර වෙනි තට්ටුවේදී හොටු පෙරාගෙන අඩනවා.pacman emoticon
අනිත් එක උබලා හිතනවද hacking කරලා හිරේ ගියා කියලා එක වීරකමක් වෙනවා කියලා? නෑ බන් උබ වැරදියි. උබ ඇතුලට ගිහිල්ලා එලියට ආවත් සමාජෙන් උබට ගහන්නේ අර කුඩුකාරයටයි, තමන්ගේ අම්මව මරපු මිනීමරුවටයි ගහන කාඩ් එකම තමයි. උබ හෙන මොලයක්, උබ තමයි වැඩකාරයා කියලා උබව කම්පැනි එකකින් වැඩට ගනීවි කියලා හිතනවද? නෑ බන් ඒත් නෑ. ඕනම කම්පැනි එකක තියනවා "විශ්වාසය" කියලා එකක්. අන්න ඒක උබ ඇතුලට යනකොට කඩලා ඉවරයි. ලංකාවේ කම්පැනියකින් උබට ඉන්වයිට් එකක් ආවොත් එන්නේ ඒ වගේම දෙකයි පනහේ එකකින්ම තමයි. පිටරට නම් ඕක කරන ක්‍රමවේදය මීට වඩා වෙනස්. ලංකාවේ අපිට නම් ඉතින් හොදට තියෙන @ට දෙකත් තලාගෙන පැත්තකට වෙලා ඉන්න තමයි අන්තිමට ඉතුරුවෙන්නේ.. grin emoticon
-අදට එච්චරයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි. මට දැන් නිදිමතයි. මම කැපුනා.
ජය~! grin emoticon
වැරදි තියේනම් ශේප් එකේ හරිගස්සපන් ඇ. 


Uputa geneema RksIni LK ගෙනි...

Related Posts:

  • Party Time : වැඩකිඩ මුල්ම උපන්දිනය සමරයි. ඔන්න ඉතින් වැඩකිඩ බ්ලොග් එකට අවුරුද්දකුත් උනා ඕං. මේ අවුරුද්දක කාලය ඇතුලේ බ්ලොග් එකක් විදිහට වැඩකිඩ ලබපු ජනප්‍රියත්වය නම් විශිෂ්ඨයි. තාක්ෂණික බ්ලොග් ගනයට තමයි මේකත් අපේ කට්ටිය ලේබල් ගහලා තියෙන්නේ. මේ ආපු අවුරුද්දක කාලය තුල… Read More
  • Video වල sound support නොකරන එකට මෙන්න පිළියම..   ගොඩක් දුරට KMP ,GOM players වලට සමහරක් video වල sound ගන්නේ නැ..එකේ එන error එකට පිලියමක් තම අද ගෙන්වේ..ගොඩක් දුරට මෙය video files වල එනවා..ඒ කියන්නේ එකේ අඩංගු sounds codec ඔකොල්ලොන්ගේ player එකේ අඩංගු නැ කි… Read More
  • ඇස රවටන ඇස් බැන්දුම් හෙවත් Optic Illusion මේක දැක්ක ගමන් කට්ටිය හිතයි ටිකක් විතර +18 මාතෘකාවක් ගැන කතා කරන්න යනවද කියලා. මොකද පින්තූරේ ටිකක් ඒ වගේනේ. මේ පහලින් තියෙන පිංතූරෙ දිහා තත්ත්පර 15 ක් බලන් ඉන්න.  පිංතූරෙ කිව්වට ඒකෙ වෙන කොහෙවත් එහෙම නෙවෙයි. බලන්න ඕනෙ… Read More
  • Video බලන්න කියපු player එක KMP     KMP අඩංගු ආකෘති ක විවිධ විවිධ වර්ගයේ ආවරණය කරන්න වන බහුකාර්ය බහු මාධ්ය වාදකය වේ.KMP, සිය 'ආවේණික අභ්යන්තර ලැබෙන codec ඇති බැවින් ඕනෑම වෙනම ලැබෙන codec නොමැතිව, ඔබ කුමන හෝ මාධ්ය ගොනු වාදනය කිරීමට හැකිවනු ඇත.… Read More
  • Ram එක වැඩි කරගන්නේ කොහොමද hard disk space එක use කරගෙන අද කියල දෙන්න යන්නේ Ram එක අඩුනම් ..බොරුවට ram සල්ලි වලට ගන්නේ ඕනේ hard එක use කරගෙන..ram එක වැඩි කරගන්නේ කොහොමද ..කියල ...normaly.linux OS වල swap area කියල එකක් අපි os එක install කරද්දීම ..වෙන් කරන්න ඕනේ..හැබැයි… Read More

4 comments: