Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Tuesday, September 15, 2015




Hacking කියන වචනේ අල්ලාගෙන පිස්සු කෙලින මල්ලිලට මේ කියන්නේ (ඔව් මම අයියා තමයි sunglasses emoticon ) 
film දෙක තුනක් බැලුවා කියලා, youtube එකේ තියන වීඩියෝ එකක් බැලුවා කියලා ,underground forum එකක මෙම්බර් කෙනෙක් වුනා කියලා හැකර් කෙනෙක් වෙන්න බෑ. ගොඩක් එවුන් hacking කියන වචනේ ඔලුවට දාගන්නේ වයසේ වැරැද්ද නිසා. උන් hacking ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව අහුවෙන අහුවෙන එකාට මම හැකර්-මම හැකර් කිය කියා යනවා. ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ forum වල එක එකාට වැද වැද යනකොට deep web අනන්මනන් කෑලි ටිකකුත් අහුවෙනවා. ඊට පස්සේ ඉතින් හැකර් කියන්නේ මටම තමයි කියලා හොද කාඩ් එකකුත් ගහගන්නවා.. තව මදි නම් blog එකක්, එහෙම නැත්නම් රට පුරා spam පාරක් ගහලා forum එකක් හරි පටන්ගන්නවා.. grin emoticon ඒත් ගොඩක් එවුන් "hacking" කියන වචනේ කොච්චර දුරට ව්‍යාප්ත වෙලා තියෙනවද කියලාවත් දන්නේ නෑ.
මේකේ නීතිමය පැත්ත ගත්තොත් "2007 අංක 24- පරිගණක අපරාධ පනත" හරහා තමයි දඩුවම ලැබෙන්නේ.. hack කරනව් වගේම, hacking කියලා දෙනවා කියන්නේ ඒකෙ හැටියට වරදක්. වැරැද්දේ හැටියට ජීවිතාන්තය දක්වා වුනත් අච්චුව තියන්න රජයට බලතල තියනවා. තව එකක්, මේ ලෝකේ anonymous කියලා දෙයක් නෑ. networking වගේ කරන අය නම් දන්නවා මොකක්ද මම කියන්නේ කියලා. IP එක hide කරා කියලා, tor හරහා tunneling පාරක් දැම්මා කියලා කාටවත් හැංගිලා ඉන්න බෑ. ඒක නිසා වැරද්දක් කරොත් අනිවාර්යෙන්ම ගෙදරටම ඇවිල්ලා කුදලාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. grin emoticon
සුද්ද සිංහලෙන්ම කිව්වොත් hacking කියන්නේ නීති විරෝදී වැඩක්.. අහු වුනාට පස්සේ ලංකාවේ නීති වල හැටියටනම් කෙලින්ම ඇතුලේ.. හතර වෙනි තට්ටුවට අරගෙන ගිහිල්ලා @ට දෙක ලාච්චුවට දාල ප්‍රශ්න කරනවා. එතකොට කොහොමද සනීපේ. එළියේදී සද්දේ දාන ඕන චන්ඩියෙක් හතර වෙනි තට්ටුවේදී හොටු පෙරාගෙන අඩනවා.pacman emoticon
අනිත් එක උබලා හිතනවද hacking කරලා හිරේ ගියා කියලා එක වීරකමක් වෙනවා කියලා? නෑ බන් උබ වැරදියි. උබ ඇතුලට ගිහිල්ලා එලියට ආවත් සමාජෙන් උබට ගහන්නේ අර කුඩුකාරයටයි, තමන්ගේ අම්මව මරපු මිනීමරුවටයි ගහන කාඩ් එකම තමයි. උබ හෙන මොලයක්, උබ තමයි වැඩකාරයා කියලා උබව කම්පැනි එකකින් වැඩට ගනීවි කියලා හිතනවද? නෑ බන් ඒත් නෑ. ඕනම කම්පැනි එකක තියනවා "විශ්වාසය" කියලා එකක්. අන්න ඒක උබ ඇතුලට යනකොට කඩලා ඉවරයි. ලංකාවේ කම්පැනියකින් උබට ඉන්වයිට් එකක් ආවොත් එන්නේ ඒ වගේම දෙකයි පනහේ එකකින්ම තමයි. පිටරට නම් ඕක කරන ක්‍රමවේදය මීට වඩා වෙනස්. ලංකාවේ අපිට නම් ඉතින් හොදට තියෙන @ට දෙකත් තලාගෙන පැත්තකට වෙලා ඉන්න තමයි අන්තිමට ඉතුරුවෙන්නේ.. grin emoticon
-අදට එච්චරයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි. මට දැන් නිදිමතයි. මම කැපුනා.
ජය~! grin emoticon
වැරදි තියේනම් ශේප් එකේ හරිගස්සපන් ඇ. 


Uputa geneema RksIni LK ගෙනි...

Related Posts:

  • මෙන්න නවතම Sixth Sense තාක්ෂණය - සියවසේ තාක්ෂණික පිම්මමොකක්ද මේ Sixth Sense කියන්නේ. මේක තමයි නවතම තාක්ෂණය. මේ තාක්ෂණය නිසා ලොව වේගයෙන් වෙනස් වේවි. Mobile Phone, Laptop, Digital Camera වගේ ගොඩක් උපකරණ භාවිතයෙන් ඉවත් වෙන දවස තව වැඩි දවසක නොවෙයි. හැමෝම බලයි මොකක්ද මේ හරුපෙ කියලා… Read More
  • Hit උන Film කරපු ලොක්කන්ටත් වැරදුන තැන්ඔයාලා ඉතින් Film බලනවා ඇතිනේ. ඔන්න ඔය Film Shoot කරනකොට එක එක වැරදි වෙනවා. ඒත් මේවා සංස්කරණය කරනකොට ඒ කියන්නේ Edit කරනකොට හදලා තමයි Film එක Release කරන්නේ. ඒත් සමහර වෙලාවට මේ Hit උන Film වල වැරදි Editors ලටවත් අහුවෙන්නේ නෑ. … Read More
  • Phone බැටරි පුපුරන්නෙ ඇයි? උඹලගෙ ඔය ෆෝන් වල තියෙන ලිතියම් බැටරි පුපුරනව  බය වෙන්න එපා, රත් වුණොත් තමා පුපුරන්නෙ. ඒ ඇයි? අපි ඊට කලින් මුල ඉඳන් බැටරි ගැන පොඩ්ඩක් ඉගෙනගමු. (දිග කතාවක්, ඉගෙනගන්න ආස, මොළේ පිහිටලා තියෙන උන්ට පමණයි. මොළේ මැටි නම් කිය… Read More
  • සිංහාවලෝකනය Lagaan එකේ කොපියක්ද?මේ දිනවල Cricket පිටිය පිළිබඳ තියෙන්නේ අමුතුම උණුසුමක්නේ. ඒ උණුසුම වැඩි කරවන්න Cricket තේමා උන Film එකක් ඇවිත්. මේකේ නම සිංහාවලෝකනය. මේ Film එකේ කතා පුවත වෙන්නේ සුද්දන් රැළකගේ අභියෝගයක් අනුව ඔවුන් පරදවන අපේ ගැමි කොල්ලො සෙට්… Read More
  • වයස 84 යි. ඒත් Wife ලා 86 යි.මේක ඇහුවම හැමෝම බලයි කවුද මේ පොර කියලා. මෙයාගේ නම Mohammed Bello Abubakar. ඉන්නේ Nigeria වල. මෙයාගේ විවාහ සිදුවෙන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තටලු. මෙයාගේ Wife ලා 86 ට අවම වශයෙන් ලමයි 170 ක් වත් ඉන්නවලු. එතනින් Wife ලා 10 දෙ… Read More

4 comments: