Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Saturday, December 3, 2011

ඔන්න ඉතින් වැඩකිඩ බ්ලොග් එකට අවුරුද්දකුත් උනා ඕං. මේ අවුරුද්දක කාලය ඇතුලේ බ්ලොග් එකක් විදිහට වැඩකිඩ ලබපු ජනප්‍රියත්වය නම් විශිෂ්ඨයි. තාක්ෂණික බ්ලොග් ගනයට තමයි මේකත් අපේ කට්ටිය ලේබල් ගහලා තියෙන්නේ. මේ ආපු අවුරුද්දක කාලය තුල ආපු ගමන් මග ගැන සිංහාවලෝකනයක යෙදෙන්න තමයි ඉතින් දැන් සූදානම.


ඔන්න හාපුරා කියලා දෙසැම්බර් 03 වෙනිදා තමයි මුල්ම පෝස්ට් එක දැම්මේ. ඒ Sites වලට FB Like Button එක Introduce කරපු මුල්ම කාලේ. හිතුනා මේ ගැන දාන්න Post එකක්. ඔන්න ඕක තමයි ආරම්භය. Post එක තමයි Blog එකට FB Like Button එකක් දාමු කියන මාතෘකාව යටතේ දාපු Facebook Like Tutorial එක.


මුල්ම Comment එක වැටුනේ CrazyDami කියලා යාලුවෙක්ගෙන්. පුදනකොටම කාපි යකා කිව්ව වගේ මුල්ම Comment එක වැටුනේ "hariyanne na bn" කියලා. හික්ස්. ඔන්න ඕකෙන් පටන්ගත්ත ආරම්භය අද වෙනකොට සෑහෙන්න දුරක් ඇවිත්. මෙන්න අද තත්ත්වය. Alexa Rank එක තමයි මේ තියෙන්නෙ. ලංකාවෙන් 2520. නරකම නෑ. මාසෙකට Post දෙකක් දාලා මෙහෙම Rank එකක් තියෙන එකත් ඉතින් එලම තමයි. World Rank එක නම් ඉතින් වැඩක් නෑ. Flag Counter එකට අනුව US Visitors ලා 300 ලුනේ. ඉතින් කොහෙද World Rank හම්බෙන්නේ.


Flag Counter එකට අනුව ලංකාවෙන් Unique Visitors ලා දැනට 4938 ක් ඇවිත්. ඒකට අනුව රටවල් 55 කින් Total Unique Visitors ලා 5812 ක් ඇවිත්. Blogger Stats අනුව නම් Page Views all time history යටතේ Page Views 98,913 ක් තියෙනවා. නරකම නෑ ඉතින්. Google Analytic වලට අනුව බ්ලොග් එකේ කෙනෙක් රැඳෙන සාමාන්‍ය කාලය විනාඩි 6 තත්ත්පර 49 ක්. Bounce Rate එක 37.43% ක්. Followers ලා 54 යි. Page Rank එක නම් 2 යි. සිංහල බ්ලොග් එකක් විදිහට අවුරුද්දට PR 2 උන එක ගැන නම් පුදුමත් එක්ක.


පෝස්ට් ගැන ගත්තම මේකත් එක්ක ඔක්කොම 56 ක්. මුල් කාලේ දිගටම දැම්මට දැන් පෝස්ට් එකක් දාන්නත් කාලෙ හොයාගන්න අමාරුයි. මේ වෙනකොට Comments 272 ක්. දැනට ජනප්‍රියම Post එක සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? කියන එක. Copyright ගැන කියනවනම් මේකෙන් Post ගෙඩි පිටින් Copy Paste කරන බ්ලොග් එකක් තියෙනවා. තව මේ ගැන මුකුත් නොහිතන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ බ්ලොග් එකේ Post වල Referral ලින්ක් පවා තියෙන්නේ මගේ ඒවා. අනික තමයි මේක කරන්නේ ලස්සන චීත්තයක්. ඒත් ඉතින් කවුරුහරි කෙනක් මොනවා හරි ඉගෙන ගන්නවනම් අපේ අකැමැත්තක් නෑ නෙව.
..:: හික්ස් ::..


වැඩ කිඩ වල එක විශේෂත්වයක් තමයි වැඩකිඩ Contact Form එක. මේක හරහා ගොඩක් ප්‍රශ්න අහලා එවනවා. මමත් පුලුවන් විදිහට හැම එකකටම වගේ උත්තරත් දෙනවා. අද පටන් ගන්නේ වැඩ කිඩ එක්ක දෙවන අවුරුද්ද. මොන තරම් කාර්යබහුල උනත් මාසෙකට Post දෙකක්වත් දාන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකන් වැඩ කිඩ එක්ක හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි.

Related Posts:

  • Phone බැටරි පුපුරන්නෙ ඇයි? උඹලගෙ ඔය ෆෝන් වල තියෙන ලිතියම් බැටරි පුපුරනව  බය වෙන්න එපා, රත් වුණොත් තමා පුපුරන්නෙ. ඒ ඇයි? අපි ඊට කලින් මුල ඉඳන් බැටරි ගැන පොඩ්ඩක් ඉගෙනගමු. (දිග කතාවක්, ඉගෙනගන්න ආස, මොළේ පිහිටලා තියෙන උන්ට පමණයි. මොළේ මැටි නම් කිය… Read More
  • Eset nod32 antivirus 7 එක 2016 march වෙනකන් activate කරගමු ESET NOD32 ANTIVIRUS 7   (32 , 64 BIT) ගොඩක් යට හරියන virus guard එකක් නැතුව ගොඩක් කරදර වලට මුහුණ දෙනවා..අනික ගොඩක් අය use කරන්නේ..free එන virus guard තම එත්.. අද කලේ හොදම virus guard විදිහට කියන්නේ ka… Read More
  • Hacking ගැන බිඳක් Hacking කියන වචනේ අල්ලාගෙන පිස්සු කෙලින මල්ලිලට මේ කියන්නේ (ඔව් මම අයියා තමයි sunglasses emoticon )  film දෙක තුනක් බැලුවා කියලා, youtube එකේ තියන වීඩියෝ එකක් බැලුවා කියලා ,underground forum එකක මෙම්බර් කෙනෙ… Read More
  • Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක== Eazy Route IP - Proxy Change කරන මෙව්වා එක== . හෙට එලියට දාන්න හිටියට තියෙන වැඩත් එක්ක මේකේ script එක ලියලා ඉවර කරගන්න බැරි වෙනවා.. ඒක නිසා අදම දැම්මා grin emoticon  කොහොමහරි එහා ගෙදර එකා&n… Read More
  • Eset nod32 Smart Security 8.0 එක Life Time, activate කරගමු. [32Bit/ 64Bit] ගිහාන් අයියා කලින් ඔයලාට දීලා තිබුනේ ESET එකේ පරන වර්ෂන් එක නිසා මන් හිතුවා අලුත් එකත් ඔයාලට දෙන්න ඕන කියලා.. ඔන්න එහෙනම් බාගන්නකො.. how to crack 1. Install ESET NOD32 Antivirus 2. Disable ESET NOD32 Antivir… Read More

8 comments:

  1. දෙවන අවුරුද්දත් හිතනවට වඩා හොදින් කරගෙන යන්න මගෙන් ඔබට උනුසුම් සුබ පැතුම්

    ReplyDelete
  2. එල එල ඔහොම යමු. ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබේවා !

    ReplyDelete
  3. @ ඉසුරු චතුරංග - Thanks මචන්. ඉස්සරහටත් මීට වඩා හොඳ දෙයක් දෙන්න තමයි බලාපොරොත්තුව.

    @ RVP - Thanks a lot මචන්.

    ReplyDelete
  4. මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  5. වැඩ කිඩ බ්ලොගයට සුභ උපන් දිනයක් පතනවා. ඒ වගේම අපේ වැඩ කිඩ මල්ලියට මෙවැනි උපන් දින බොහෝ ගණනක් පසු කරන්නට වැඩ කිඩ රැගෙන යන්නට ශක්තිය ධෛර්යය මෙන්ම වාසනාව ද ලැබේවායි පතමි.

    සුභ ගමන්......

    ReplyDelete
  6. @ මධුරංග, kumalk, DIL... - Thanks මචන්ලා...

    ReplyDelete
  7. Thawa thawa post liyanna niwadu welawata :-) Suba Upan Dinayak!!!

    ReplyDelete