Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Friday, September 2, 2011

වැඩකිඩ Contact Form එකෙන් කෙනෙක් අහලා තිබුණා E bay එකෙන් Mouse එකක් ගන්න එක ලාභද කියලා. ඉතින් මං කිව්වා හරියටම දන්නේ නෑ ඒත් ලංකාවෙන් ගන්නවට වඩා ලාභ ඇති කියලා. ඔන්න මං නිකමට බැලුවා Mouse වල Prizes. සමහර ඒවා තියෙනවා හරිම ලාභයි. ඒත් ලංකාවට Shipping නෑ. තවත් ටිකක් Ebay එකේ පොඩි Search පාරක් දැම්මා.


ඔහොම බල බල ඉන්නකොට මං දැක්කා එක Mouse එකක්. මගෙ ලැප් එකටම කියාපු Mouse එකක්. Flat Mouse එකක්. එහෙම උනාම බෑග් එකේ දාගන්නත් ලේසියිනේ. බැලුවා ගාන. $6.45 යි. කොහොමත් මේ වගේ එකක් ලංකාවෙන් නම් ගන්න බෑ රුපියල් 900 කට මෙහා. Auctions තියෙනවද කියලා බැලුවා. එක Auction එකක් තිබ්බා. ඒත් දවස් හතරක් යනවා ඒක Close වෙන්න. ඔන්න ඒ පාර මං ඕන මගුලක් කියලා Buy කරා $ 6.45 ට.


ඔන්න දවස් 20 කින් විස්සකින් විතර ගෙදරට ආවා Mouse එක. හිතුවට වඩා හුරුබුහුටි මී පැංචෙක් නොවැ මේක. බලන්නකො අතත් එක්ක තිබ්බම Size එක. Lap එකට ගහලා බැලුවා. ගින්දර වගේ වැඩ. ඔන්න පල්ලෙහා තියෙන Photo එකත් බලන්නකෝ.


කොහොමද භාණ්ඩෙ Colour Combination එක. ලැප් එකටම ආපු එකක් වගේ නේද? කාට හරි මේ වගේ එකක් ඔනෙ නම් කියන්නකො. මං මේක ගත්ත Ebay Link එක දාන්නම්කො.

Related Posts:

  • තමන්ගේ බ්ලොග් එකේ තත්ත්වය බලන්න Website එකක්මේක තමයි වැඩ කිඩ බ්ලොග් එකේ දාන 50 වෙනි Post එක. 50 වෙනි Post එක වෙනුවෙන් හැමෝටම වැදගත් වෙන දෙයක් තමයි දෙන්න යන්නේ. අද ඔයාලට කියලා දෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හරි Website එකේ හරි තත්ත්වය බලාගන්න පුලුවන් Site එකක් ගැන. මේකෙ නම තම… Read More
  • Google Plus Account එකට කැමති Username එකක් දාගන්න Google විසින් හඳුන්වා දුන්න Social Network එක ගැන ඉතින් දන්නවා ඇතිනේ. ඒක තමයි Google Plus කියන්නේ. මේක හඳුන්වා දුන් මුල් අවධියේ ලෝකෙන්ම ලංකාව තමයි දෙවනියට හිටියේ. ඒ තරමටම අපේ කට්ටිය Google + එක්ක එකතු වෙලා හිටියා. ගොඩක්… Read More
  • OKPay එකට නොමිලේ සල්ලි සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තේ ආවේ. ඊයෙ පැය 4ක්ම වැඩකිඩ Contact Form එක හරහා අහපු ප්‍රශ්න වලට උත්තර යැව්වා. අද කියලා දෙන්න යන්නේ OKPay Account එකට නිකන් සල්ලි දාගන්න ක්‍රමයක් ගැන. සමහරු නම් OKPay ගැන අහලත් නැතු… Read More
  • MoneyBookers හෙවත් Skrill වෙතින් බැංකුවටම සල්ලි ගමුද? ගොඩක් දෙනෙක් දැන් MoneyBookers පාවිච්චි කරනවනේ. කෙනෙක් වැඩ කිඩ Form එක හරහා අහලා තිබුණා කොහොමද MoneyBookers වලින් සල්ලි අතට ගන්නේ කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ … Read More
  • Blog එකෙන් පොඩි ගානක් හොයාගන්න ක්‍රමයක් Blog එකකින් සල්ලි හොයනවනම් ඉතින් Adsense ම තමයි. ඒත් ඉතින් එතකොට Blog එක ඉංග්‍රීසියෙන් කරන්න ඕනෙ. මොකද Sinhala Blogs වලට Adsense Support කරන්නේ නෑනෙ. මාත් කාලයක් Adhitz Ads දාලා තිබ්බා. ඒත් වැඩක් නෑ. මාස 4 වෙලත් එකතු උනේ $… Read More

14 comments:

  1. @ රජිත් - මෙන්න මචන් ලින්ක් එක.

    Netbook Laptop USB Wired Mini Flat Optical Mouse Grey

    http://www.ebay.com/itm/Netbook-Laptop-USB-Wired-Mini-Flat-Optical-Mouse-Grey-/250648482472?pt=Mice&hash=item3a5bd052a8

    ReplyDelete
  2. mama ebay 1n podi item 1k purchase kala..ae wenakota item 1 sold out wela..itin seller pay karapu amount 1 refund karala..mage paypal balance 1 penne 1$ kiyala..transaction details wala tiyenawa 2.58$ deposit to visa card kiyala..mama paypal link karala tiyenne HNB visa debit card 1th akka..ae money mage bank account 1ta enawada?tawama nam avith na..paypal 1ta evana money ai automatically card 1ta yanne?

    ReplyDelete
  3. @ පන්සල් හංදිය - Thanks මචන්

    @ ruwan - මෙහෙමයි මචන්. උඹ Item එකට Pay කරනකොට සල්ලි කැපුනෙ HNB Account එකෙන් නම්, ඒ Refund එක ආයෙත් Bank Account එකටම එනවා. හැබැයි ඔයාගෙ Paypal එකේම සල්ලි වලින් නම් ඔයා ගෙව්වේ ඒ Refund එක Paypal එකට එන්නේ. මට හිතෙන්නේ ඔයා Item එකට Pay කරනකොට සල්ලි යන්න ඇත්තේ Bank Account එකෙන්. ඕක තව සතියක් ඇතුලත ඔයාගෙ Bank Account එකට Credit වෙයි.

    ReplyDelete
  4. UMBANAM DEIYEK..:),OYA TIKA HARIYATA BANK 1 UNTA KIYANNA BARI UNANE..
    THANKS MACHAN

    ReplyDelete
  5. @ ruwan - එල කිරි මචන්. කවුරුහරි මේ Blog එකෙන් වැඩක් ගන්නවනම් එච්චරයි. :)

    ReplyDelete
  6. අඩේ අප්පා. . . මගේ ජාතියේ ලැපී කෙනෙක්නේ ඔයාටත් ඉන්නේ :D :D
    G6 එකක් නේද? ? ?

    ReplyDelete
  7. @ Y2K - ඔව් මචන් මගේ එකත් G6 ලැපී කෙනෙක් තමයි. LOL :P

    ReplyDelete
  8. අපිත් මේ දවස් වල ඔය තැන් වල කරක් ගහනවා.මේ වගේ කියා දීම් වලින් අපිට විශ්වාසයක් ඇති වෙනවා ගණුදෙණු කරන්න.ස්තූතියි.

    ReplyDelete
  9. @ kandyangate - එලකිරි මචන්. Thanks Comment එකට.

    ReplyDelete
  10. paypal nathuwa moneybookers walin ebay eke mukuth ganna barida ?

    ReplyDelete
  11. MACHAN ELA POST EKA, ADAI DAKKE ... MAMA LAPAK HOYANAWA 10 - 15 WAGE GANAKATA EBAY EKET BALANAWA ... OYATAT SET UNOT REP EKAK DANNA.

    ReplyDelete
  12. Machn podi help ekak one. Man commercial bank eke debit card ekak haduwa. Ita passe mage ebay account eken payment ekak karanna giya. Kohomahari a welawe mage account eke tiyana salli madi wela tiyanawa a paymant eka karanna. Man a seen eka gana danne nathi nisa bank ekata gihin kiuwa. Bank eken kiuwa card center ekata call ekak denna kiyala. Man card center ekata call ekak dunnama kiuwe a payment eka karanna mage accout eka salli madi wela nisa karanna bari wela tiyenne. Nathnam wena prashnayak na kiyala. Ita passe man apahu account ekata salli dala payment ekak karanna haduwama wena card ekakin payment eka karanna kiyala error massege ekak enawa. Plz help

    ReplyDelete
  13. Machan uba dannawada ebay walin gaththu item ekk return karala money or another item ekk ganna widiha. Tell me bro.

    ReplyDelete