Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Friday, March 4, 2011

Internet Money නැත්තම් E Money ගැන කිව්වම අපේ ගොඩක් අය කියන්නේ Bux Site ගැන. ඒත් මේ දවස් වල ටිකක් Forex ගැනත් උනන්දුවක් තියෙනවා. ගොඩක් අය මේක අත හැරලා දාන්නේ මේකට ගොඩක් සල්ලි ඕන නිසා. මොකද Forex Trading Terminal තියෙන Forex Brokers ලා ගොඩ දෙනෙක්ගේ Minimum Deposit එක $ 25 වගේ.

ඒත් මම කියන මේ UWCFX කියන Site එකේ Minimum Deposit  එක $ 1 විතරයි. Alertpay, Moneybookers වගේ ගොඩක් Money Processors මේකට Support කරනවා. ඒත් Paypal නම් නෑ.


Minimum Deposit එක $1 උනාට ඇත්තම කියනවනම් $ 1 කින් 0.1 Size Lot එකක් වත් Trade කරන්න බෑ. ඒකට අඩුම ගානේ $ 3 ක් වත් ඕනේ.


මං Forex ගැන Theory නම් හොඳට දන්නවා. Forex Leverages, Bull, Bear Markets, PIPS වගේ ඒවා ගින්දර වගේ පුලුවන්. මොකද ඕවා මං ඉගෙනගෙන තියෙනවා ඇට්ටි හැලෙන්න. ඒත් Practical කරලා නෑ. ඔන්න මාත් පොර වගේ බය නැතුව වැඩේට බැස්සා.  මුල්ම වතාවේ $5 ක් දැම්මා Alertpay එකෙන්.


ඔන්න මුල්ම දවසේ $ 3 ක් Profit. මට Full Happy. මොකද 60% ලාබයි නේ. දෙවෙනි දවසේ මුලු $ 8 ම ඉවරයි. අපරාදේ මාස ගානක් කට්ට කාලා Bux Site වලින් හොයපු සල්ලි.


ඔන්න දෙවනි වතාවේ $ 7.50 දැම්මා. ඔන්න එක Trade එකක් Open කරලා මම පොඩි වැඩකට ගියා. ගමන ගිහින් එන්න පැයක් විතර ගියා. මල කෙලියයි ආපහු එනකොට ඒ සල්ලි ටිකටත් කෙල වෙලා.


ඔන්න හිත හදන් ආයෙත් $5 දාලා පටන් ගත්තා. ඊයෙ $ 0.40 ලාබයි. එහෙමම නැවැත්තුවා. මේ පාර ටිකෙන් ටික යන්න තමයි කල්පනාව. බලමුකෝ. 
..:: හික්ස් ::..


ඔන්න Forex පටන් ගන්න ඉන්න අයට මේක හොඳයි. හැබැයි මේක ගොඩක් Risky. සමහර විට දාපු සල්ලි තත්ත්පර 5 කින් ඉවර වෙන්න පුලුවන්. ඒ වගේම තමයි ලාබත්. මොනවා උනත් ටිකක් Practice කරලා වැඩේට අත ගහන එක තමයි ඇඟට ගුණ.

11 comments:

  1. අනෙ මචො fores ගැන detail පොස්ට් එකක් දාන්න පුලුවන්ද. ebay එකෙ bid කරන හැටි කියා දුන්නට ගොඩාක් thanks මචො

    ReplyDelete
  2. මම අහල තිබුනේ ෆෝරෙක්ස් වලින් හොද ලාභයක් ලබන්න පුළුවන් කියල. ඇත්තටම තත්වය මෙහෙම නම් වැඩේ ලේසි නෑ නේද? පුළුවන්නම් ෆෝරෙක්ස් ගැන ලිපි පෙලක් ලියමු. ඊ-ටොරෝ නේද ප්‍රසිද්ධම එක? හැබැයි ඒකේ ඇලර්ට්පේ නෑ මම හිතන්නේ.

    ReplyDelete
  3. @මෝල්ඩර් ෆයිල්ස් - හරි මචෝ. මං Forex ගැනත් Post එකක් දාන්නම්. හැබැයි වෙලාව හොයාගන්න එක තමයි ටිකක් අමාරු. මං කොහොමහරි මේ සතිය ඇතුලත දාන්න බලන්නම්.

    @ toptenptcsites.co.cc - මං මේ ගැන Post එකක් දාන්නම් යාලූ. E-Toro එකේ Alertpay බෑ. ඒකට Support කරන්නේ Moneybookers. Etoro වල අඩුම ගානේ $ 25 ක් වත් Deposit කරන්න වෙනවලු.

    ReplyDelete
  4. මචන් ෆොරෙක්ස් ඉගෙන ගත්තෙ කොහෙන්ද විස්තර කියහන්

    ReplyDelete
  5. @ BANDARA - මං ගොඩක්ම මේ ගැන ඉගෙන ගත්තේ CIMA වල Strategic Level එකෙන්. තව www.uwcfx.com එකෙත් තියෙනවා. Forex Signal ගන්න නම් FX Street කියන එක හොඳයි.

    ReplyDelete
  6. මචන් FX Street එකේ ඩෙන සිග්නල් හොඩයිද :)

    ReplyDelete
  7. Forex ගැන ඉගන ගන්නවනම් මෙන්න නියම බ්ලොග් එකක්. මේකේA to Z විස්තර කරලා තියෙනවා

    http://forexinsinhala.blogspot.com/2011/05/25-stop-loss-take-profit-2-money.html

    ReplyDelete
  8. need extra money without invest click this link http://onlineduty.xyz/?id=58212

    ReplyDelete
  9. eToro is the #1 forex broker for newbie and pro traders.

    ReplyDelete
  10. ForexTrendy is an innovative application capable of determining the most reliable continuation chart patterns. It scans through all the forex pairs, on all time frames and analyzes every potential breakout.

    ReplyDelete