Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Thursday, September 17, 2015

ආයුබෝවන්...!
රාවනා චරිතය පිළිබදව විවිධ කථිකාවන් සිදුවන වර්තමානයේ අපි ඔබේ අවධානය ලෝකය වෙතට යොමු කරවන්න හිතුවා. එහි දී දැනගන්නට ලැබුණ කරුණු අනුව රාවනා චරිතය පිළිබදව ලෝකයේ ඇති උනන්දුව සහ ඔවුන් ඒ හරහා ගොඩනගන යම් යම් කාරනයන් පුදුම සහගතයි. ඒ අතරින්, ප්‍ර‍ධාන කොට ඉන්දියාවත්, ජපානය සහ ඇමරිකාව සිටිනවා.
රාවනා ඉතිහාසය ගැන සිංහලයන් වන අපට වඩා උනන්දුවක් කැපවීමක් ඉන්දියානුවන් තුල වීම පුදුම සහගතයි. පුරාවෘතය කුමක් වුවත් රාවනා නම් චරිතය යථාර්තයක් කරන්නට කළහැකි සෑම උත්සාහයක්ම ඉන්දියානුවන් දරනවා. ඔවුන්ගේ අවාසනාවට සාධක සියල්ල ලංකාව තුල වීම නිසා රාවනාගේ රාජධානිය බවට ඔවුන් පවා පිළිගන්නේ ලංකාපුරයයි. කරුණු එකින් එක ගෙනහැර දක්වමින් ඔවුන් එය ඔප්පු කරවනවා. ඉන්දීය ඉතිහාසය රාවනා හරහා ගොඩනගන්නට ඉන්දියානුවන් විසින් මෙතරම් වෙහෙසක් දරන්නේ ඊට වඩා බලගතු මෙන්ම ප්‍ර‍භල සාධකයක් ඔවුන් අහලකවත් නොමැති නිසයි. නමුත් ඒ හරහා නිරායාසයෙන්ම ලංකා රාජ්‍යයේ රාවනා අභිමානය මතුවෙනවා.
මේ අතර ඉතාමත් දියුණු ජාතියක්, රටක් වන ජපානය පවා රාවනා ඔවුන්ගේ දරුවන්ගේ මනසට ක්‍ර‍මාණුකූලව ඇතුලු කරවනවා. ඒ වෙනුවෙන් නිර්මාණය වූ පරිගණක ක්‍රීඩා ඊට උදාහරන දෙනවා. රාවනාගේ බල පරාක්‍ර‍මය එතුමාගේ විවිධ හැකියාවන් එහිදී ඔවුන්ට හදුනාගත හැකියි. රාවනා උද්‍යානයේ උමංමාර්ග, කදු හෙල් මිටියාවත් දිගේ යමින් සතුරන් පරාජය කරන රාවනා නම් වූ යක්ෂ සේනාධිපතියාගේ වික්‍ර‍මයන් ඒ හරහා දැකගත හැකියි.
මේ අතර ඇමරිකානුවන්ටත් රාවනා ඉල්ලමක් වන ලකුණු පහළ වී ඇත. මේ වන විටත් රාවනා පුරාවෘතය සම්බන්ධ කථාමාලාවන් සහ තිරපිටපත් සැකසෙමින් පවතිනවා. ඒ හරහා රාවනා පරපුරේ බල පරාක්‍ර‍යන් විවිධ කෘතීන් හරහා ලෝක සිනමාවේත්, වෘතාන්ත චිත්‍ර‍පට වලත් නුදුරේදීම අපටත් දැකගත හැකිවෙයි.
ශ්‍රී ලාංකිකයන්ට නොදැනුනත් රාවනා මේ වන විටත් ලෝකයම වෙනස් කරමින් සිටී. එයයි සිංහලයාගේ චිත්තවේගී අභිමානය. සත්‍ය සගවාලිය නොහැක. අපේම උන් එය යටගැහුවත්, එය තාවකාලික විරාමයක් පමණි. ලොව කොතැනකින් හෝ රාවනා නැවත කරලියට පැමිනෙනු ඇත.
මෙහිදී ඔබට කරන්න කිසිම දෙයක් නොමැතිනම්, බලා සිටින්න.... රාවනා නැවත මතුවනු ඇත.
තෙරුවන් සරණයි...!!! 

Post eka Issuwe FB ekeni...

Related Posts:

  • සිංහාවලෝකනය Lagaan එකේ කොපියක්ද?මේ දිනවල Cricket පිටිය පිළිබඳ තියෙන්නේ අමුතුම උණුසුමක්නේ. ඒ උණුසුම වැඩි කරවන්න Cricket තේමා උන Film එකක් ඇවිත්. මේකේ නම සිංහාවලෝකනය. මේ Film එකේ කතා පුවත වෙන්නේ සුද්දන් රැළකගේ අභියෝගයක් අනුව ඔවුන් පරදවන අපේ ගැමි කොල්ලො සෙට්… Read More
  • මෙන්න නවතම Sixth Sense තාක්ෂණය - සියවසේ තාක්ෂණික පිම්මමොකක්ද මේ Sixth Sense කියන්නේ. මේක තමයි නවතම තාක්ෂණය. මේ තාක්ෂණය නිසා ලොව වේගයෙන් වෙනස් වේවි. Mobile Phone, Laptop, Digital Camera වගේ ගොඩක් උපකරණ භාවිතයෙන් ඉවත් වෙන දවස තව වැඩි දවසක නොවෙයි. හැමෝම බලයි මොකක්ද මේ හරුපෙ කියලා… Read More
  • Phone බැටරි පුපුරන්නෙ ඇයි? උඹලගෙ ඔය ෆෝන් වල තියෙන ලිතියම් බැටරි පුපුරනව  බය වෙන්න එපා, රත් වුණොත් තමා පුපුරන්නෙ. ඒ ඇයි? අපි ඊට කලින් මුල ඉඳන් බැටරි ගැන පොඩ්ඩක් ඉගෙනගමු. (දිග කතාවක්, ඉගෙනගන්න ආස, මොළේ පිහිටලා තියෙන උන්ට පමණයි. මොළේ මැටි නම් කිය… Read More
  • වයස 84 යි. ඒත් Wife ලා 86 යි.මේක ඇහුවම හැමෝම බලයි කවුද මේ පොර කියලා. මෙයාගේ නම Mohammed Bello Abubakar. ඉන්නේ Nigeria වල. මෙයාගේ විවාහ සිදුවෙන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තටලු. මෙයාගේ Wife ලා 86 ට අවම වශයෙන් ලමයි 170 ක් වත් ඉන්නවලු. එතනින් Wife ලා 10 දෙ… Read More
  • Hit උන Film කරපු ලොක්කන්ටත් වැරදුන තැන්ඔයාලා ඉතින් Film බලනවා ඇතිනේ. ඔන්න ඔය Film Shoot කරනකොට එක එක වැරදි වෙනවා. ඒත් මේවා සංස්කරණය කරනකොට ඒ කියන්නේ Edit කරනකොට හදලා තමයි Film එක Release කරන්නේ. ඒත් සමහර වෙලාවට මේ Hit උන Film වල වැරදි Editors ලටවත් අහුවෙන්නේ නෑ. … Read More

0 comments:

Post a Comment