Saturday, October 22, 2011

MoneyBookers හෙවත් Skrill වෙතින් බැංකුවටම සල්ලි ගමුද?

42 comments
ගොඩක් දෙනෙක් දැන් MoneyBookers පාවිච්චි කරනවනේ. කෙනෙක් වැඩ කිඩ Form එක හරහා අහලා තිබුණා කොහොමද MoneyBookers වලින් සල්ලි අතට ගන්නේ කියලා. ඔන්න අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක. මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි MoneyBookers Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ. 

නැත්නම් MoneyBookers වලින් Transfer එක ප්‍රතික්ෂේප කරනවා. 

හරි මුලින්ම MoneyBookers වලට ලොග් වෙන්න. දැන් මේ Add a Bank Account කියන තැනට යන්න. 

දැන් Country කියන තැනට Sri Lanka දෙන්න. Swift Code කියන තැනට ඔයාගේ බැංකුවට අදාල Swift Code එක දෙන්න.

HNB බැංකුවට නම් දෙන්න ඕනෙ HBLILKLX කියන Swift Code එක. වෙනින් බැංකුවකට නම් ඒකට හරියන Swift Code එක මෙතනින් හොයාගන්න.


බැංකුවේ Swift එක දැම්මට පස්සේ බැංකුව Confirm වෙනවා. ඊට පස්සේ පහත පරිදි බැංකුවේ Account Number එක දෙන්න. හරියටම බැංකු පොතෙන්  බලලා දාන්න. Number එක වෙනස් උනොත් සල්ලි යන්නේ වෙන කෙනක්ට කියලා අලුතෙන් කියන්න ඕනෙ නෑනේ.



ඔන්න ඕක දැම්මට පස්සේ වැඩේ හරි. දැන් තියෙන්නේ සල්ලි ගන්න. ඒක කරන්න උඩම තියෙන Withdraw Tab එකට යන්න. ගිහින් ඔයාට Withdraw කරන්න කැමති ගාන දාලා Payment එක Confirm කරන්න.



දින දහයක් ඇතුලත සල්ලි ටික ඔයාගෙ බැංකුවට ඇවිත් තියේවි. හැබැයි බැංකුවෙන් බැංකුවට Swift Transfer Charges වෙනස්. සමහර බැංකු වලින් Rs. 400 වගේ ගන්නවා කියලා මං අහලා තියෙනවා. කොයි එකටත් ටිකක් ලොකු ගානක් එක පාර ගන්න එක වාසියි.



42 Responses so far.

  1. Hot Glz says:

    bohoma sthuthi yaluwa post 1ta.man HNB debit card 1ka add kala.kepuna gana 3 parak add kala eth weradi.den eka mata prashnayak weida ?

  2. @ Hot Glz - මම හිතන විදිහට ඕක අවුලක් වෙන එකක් නෑ මචන්. කොයි එකටත් බැංකුවට කතා කරලා අහලා බලන්න Payments තුන් පාරක් වෙලාද කියලා...

  3. MaduMal says:

    Sampath bank eken num liumak enawa salli aawa kiyala.
    meeke bank eken kapanne % gaanakda?

  4. @ MaduMal - නෑ මචන්. Bank එකෙන් ගන්නේ Fixed Amount එකක්. HNB එකේ නම් එහෙම මුකුත් එන්නේ නෑ. හැබැයි මට කිසිම Charge එකක් නම් ගහලා තිබ්බේ නෑ.

  5. ara1979 says:

    machan apita barida directly debid card eken ganudunu karanna. mama trade karana platform eka MT4. mata danaganna labuna ekaparatama moneybookersla nathuwa salli deposite karannath, gannath puluwan kiyala. ehema karana eka safeda machan.

  6. Chanuka says:

    machan mata podi gataluwak thiyenawa..puluwan nam wisadumak diyan loku deyak...mata design contest ekakin win karala prize money wagayak set una.mama eka ganna sampath bank web card use karala pay pal haduwa..eth mata ekata money receive karanna bh.send witharai.thama e money tika mata paypal ekata ganna baruwa inne.mata aparade webcard hadanna spend karapu money tikath.mokada mata one karana wade une nh.mata puluwanda aye account ewwa mewwa mukuth hadanne nathuwa money booker haraha mage bank account ekata salli ganna??mama win karapu thana ethana mage personal account eken thama e money eyala gawa thiyenawa.mata one welawaka payout ekak karanna puluwan.. eka no prob.mage danata sampath normal savings account thiyenne...ehema monrybooker walata salli receive karaganna puluwanda?? money booker walin bank ekata money gannath puluwanda??wade sefty da??

  7. @ ara1979 - උඹ Use කරන Broker හොඳ නම් කිසිම අවුලක් නැතුව Debit එකෙන් Deposit කරන්න පුලුවන්. හැබැයි මං දන්න තරමින් Card Withdrawals වලට Brokers ලා ටිකක් වැඩියෙන් Charge කරනවා.

    @ Chanuka - ඔය සල්ලි ගන්න බැරි කමක් නෑ මචන්. ඔයාගේ Email එකත් එක්ක වැඩ කිඩ Contact Form එකෙන් Message එකක් දාන්න. මං Details එවන්නම්.

  8. Chanuka says:

    man msg ekak damma machan...

  9. SANJAYA says:

    SWIFT CODE eka ekama bank wunath city eka anuwa wenas wenawada?

  10. @ SANJAYA - ඔව් මචන්. එහෙම වෙනවා. ඒ උනාට ඒක අවුලක් නෑ. Bank එකේ SWIFT එක දාලා Account No එක දැම්මම ඇති. සල්ලි එනවා.

  11. SANJAYA says:

    @Golden Dragon- Thanks lot...... :)

  12. mystyels says:

    moneybooker walin salli ganda mama kisima deyak verify karala na eth mata ganda puluwan neda? lot of thanks for your blog

  13. @ SANJAYA - එලකිරි මචන්.

    @ mystyels - ඔව් ගන්න පුලුවන් මචන් කිසිම අවුලක් නැතුව.

  14. mystyels says:

    thanks machan. mage account eken wena account ekakata salli yawanda haduwa un kiyanawa birth day eka waradilu thun hathara parak meka karala dan account eka lock karala unwa contact kara thama reply nane. passport eka verified karapu copyak illanawa un reply karanda kochchara dawasak yanawada? mekatath answer ekak dunnoth godaak sthuthi

  15. @ mystyels - සල්ලි යවන්න නම් අනිවා B'day එක ගහන්න ඕනෙ. ඒත් හරියට බැරි උනොත් සල්ලි යවන්න බෑ. Account Lock උනාට පස්සේ Procedure එක ගැන නම් මං දන්නේ නෑ මචන්. මං එක පාරක් Support Ticket එකක් යවලා මට දවස් 5 විතර ඇතුලත Reply එකක් ආවා.

  16. mystyels says:

    wade hari machan passport copyak yawwa.heta salli withdraw karanda oni. ubata dawas kiyakinda awe

  17. Minimum payout eka kiyada money brokers la ge.

  18. මච්න් මට කියලදෙන්න MoneyBooker වලට ලන්කාවේන් මුදල් දාන්නේ කොහොමද කියලා බොහෝම ස්තුතිය.......gmsiriwardana@gmail.com

  19. Machan mama HNB debit card eka verify karanna haduwa. Ethakota MB eken ahanawa un dollars keeyak kapa gattada kiyala. But ape account eken adu wenne rupees walin neda?

    Mama HNB card center ekata call karala ahuwama un kiwwa bank branch eken ahanna kiyala. eeta passe ekata call karama kiwwa Dollars walin kiyanna be kiyala. Dan mokada karanne?

  20. Udesh says:

    Anuradha Edirisuriya,
    mamath card center call kalata wade kara ganna bari una. e paara mama card center ekata giyaa. eeta passe ethana inna lokkekuta kiwwama $$ gaana kiwwa. podi ayata kiwwata nam help kale naha

  21. machan mama mage debit card eka moneybookers ekata link karala moneybookers account eka mage HNB debit card eken verfied wela thiyanwanam mata a HNB debit card ekama paypal malaysian account ekakkata link karala ekath verified karaganna bari weida???

  22. KAsunaaa says:

    @Chanuka පේපැල් එපා මචන් මනි බුකර් හොදයි මම ගන්නේ එහෙම. මම තාම බැංකුවට ගත්තේ නෑ.

  23. වටිනා කියන එල වැඩක් සහෝ....මම තාම හදාගෙන යනව එකවුන්ට් එක....ස්තූතියි...

  24. කරුණාකර මෙය පහදන්න
    Forex වලදී බ්රෝකර්ට Money Deposit method එක ලෙස Moneybookers තෝරා Moneybookers වලට Debit card එක Add කලෙමි.
    දැන් මුදල් Deposit කිරීමේදී පළමුව Debit card එකෙන් Moneybookers වලට මුදල් Add කර පසුව එතනින් බ්රෝකර්ට ගෙවිය යුතුද ?
    නැත්නම් Moneybookers වලට මුදල් නොදමා බ්රෝකර්ගේ web site එකෙන් Moneybookers details දුන් පසු card එක Add කර ඇති බැවින් ඔවුන්ට ලැබේද?
    මේ සදහා ඉක්මනින් පිළිතුරක් බල පොරොත්තු වේ. ස්තුතියි.

  25. @ Ruchirakard - ක්‍රම දෙකටම කරන්න පුලුවන්. සල්ලි Deposit කරලා ගෙවන්නත් පුලුවන්. සල්ලි නැත්නම් ගෙවන වෙලාවෙදි අහනවා Account එකේ සල්ලි නැති නිසා Payment එක Debit එකෙන් කරන්නද කියලා. එතකොට Debit කාඩ් එකේ සල්ලි Moneybookers හරහා Broker ට යන එක.

  26. බොහොම ස්තුතියි ඔබේ උපදෙසට.....

  27. මචන් Skrill(Moneybookers)මුදල් Payoneer Card එකෙන් ලබා ගන්න පුලුවන්ද?

  28. aiye moneybookers ekata mama emoney hoyala 50$k gaththa.eka salli mama bank ekata ganna hadapuwama mage namin moneybookers lage account ekata money danna oni kiyanawa verfiy karanna.ekata money danne kohomada?? ekata salli dammoth wadak weida??

  29. prasa says:

    kawuru hari keyanawada hnb card aken mb kapaganna gana hamogenma un akama ganada kapaganne man card center call kalama un kiyanawa dawas dekak yanawalu

  30. can you tell me how to withdraw money from pal to sri lanka

  31. bank wala Swift Transfer Charges gena poddak hoyala danawada?eka apita balaganna wena widiyak nedda?

  32. machan,money brokers wala monthly rental ekak tiyenawada?

  33. Can i transfer funds from payoneer to moneybookers? pls help

  34. @ Malindu wijesinghe - Moneybookers ලා කිසිම මාසික ගාස්තුවක් අය කරන්නේ නැහැ.

    …කවුරුහරි ක්යන්නකෝ HNB බැංකු ගිණුමකට MB හරහා සල්ලි ගන්නකොට කීයක් විතර කැපුනද කියලා. දවස් කීයකින් සල්ලි එනවාද?

  35. dinindu says:

    එකවර වැඩි ගානක් ගෙන්න ගන්න එක අපිට ලාබයි. එතකොට Skrill transaction fee එකක් යන්නේ එක සැරයයි. මම HSBC, සම්පත් බැංකුව, HNB, commercial bank, ලංකා බැංකුව (BOC) කියන බැංකු වල account වලට සල්ලි ගෙන්නලා චෙක් කළා. අපිට වාසිම ලංකා බැංකුවට සල්ලි ගෙන්නන එක. කිහිප වාරයක් BOC එකට සල්ලි ගෙන්න ගත්තම අපිට BOC එකේ RFC Account එකක් open කරන්න පුළුවන්. එතකොට කීයක්වත් කැපෙන්නේ නෑ. වැඩකරන දවස් 1-2 ඇතුලත සල්ලි අපේ account එකට බැර වෙනවා. $ එක වැඩිම දවස බලල සල්ලි ගත්තම හරි.

  36. id says:

    I Can't signup in money Booker's.Due to no My country Currency there (Sri Lanka Rupee)

  37. MB walin lankawe HNB walata genna gaththata passe bak eken keeyak kapagannawada ??

  38. Dadlp says:

    මම බොහෝ වාරයක් Moneybookers හරහා මගේ බෑන්ක් එකවුන්ට් එකට සල්ලි ( USD ) ගෙන්නාගෙන තියෙනවා. withdraw කරපු ගානම ඇවිත් තිබුනා .නමුත් දැන් මාස කිහිපයක ඉඳන් ලොකු ගානක් අඩු වෙලා (USD 20 ක් විතර ) තමයි මගේ ලෝකල් බෑන්ක් එකවුන්ට් එකට සල්ලි වැටෙන්නේ. මේක ගැන මම Moneybookers ගෙන් අහපුවාම එම අඩු කිරීම ඒ අයගේ remitans bank එකෙන් කරන ලද අඩු කිරීමක් බවත් Moneybookers හට ඒ ගැන කරන්න දෙයක් නැති බවත් reply කරලා තිබුනා . යාලුවනේ උඹලාටත් මෙහෙම දෙයක් වෙලා තියෙනවද ?

  39. pay pal eken money ganna puluwan easyma widiya mokakda???? money exchange ekak haraha moneybookers walata ganna ekata?????
    pls help ekak denna... pay pal eken money ganna puluan easyma widiya kiyala denna

  40. machan mage tiyenne HNB account ekak eke mage name eka tiyenne Lakshan A.S. kiyala eth moneybooker wala tiyenne Arumawadu lakshan kiyala.mage sampurna nam arumawadu sameera lakshan..eka salli ganna giyama auluk weida?
    help me plz

  41. macho....MB ekath ekka transactions karanna puluwan aduma ganak kapana bank 1 mokadda? % kiyada gana kapanne bank eken??

  42. sitemoney says:

    people bank 1 thama aduma.......
    enternet money sinhalen egena ganda anna...
    http://sitemoneylot.blogspot.com/

Leave a Reply

Labels

 
වැඩ කිඩ © 2011 Supported by Tricks Finder

All Rights Reserved and Copyscape Protected