Thursday, December 30, 2010

අරුම පුදුම දරු පවුල

අසාමාන්‍ය දරු උපත් කීපයක් සිදුවූ පවුලක් පිළිබදව ඇමරිකාවෙන් වාර්තා වෙනවා. මේ දෙමව්පියන් තමයි Babara Soper හා Chad Soper. 

පුදුමය තමයි මේ ළමයි අසාමාන්‍ය දින තුනකදී උපත ලැබීම.

ඔවුන්ගේ ළමුන් තිදෙනා උපත ලබා ඇත්තේ 08.08.08, 09.09.09 හා 10.10.10 යන දින තුනේදී වීමයි. මෙයින් දරුවන් දෙදෙනෙකු සැත්කම් මගින් තමයි ඉපදී ඇත්තේ.

ඔවුන්ගෙන් Chole ඉපදී ඇත්තේ 08.08.08 දිනයි. Cameron 09.09.09 දිනත් බාලයා වන Cearra 10.10.10 දින තමයි ඉපදී ඇත්තේ.

පුදුමය මේ ටික විතරද? නෑ. 11.11.11 දින නවතම සාමාජිකයා මෙලොව එලිය දකින්නත් මේ දිනවල වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා කියලා තමයි ආරංචිය. 

..:: හික්ස් ::..

2 comments:

  1. පුදුම දේවල් තමයි ලෝකෙත් වෙන්නේ. කොහොම උනත් දරු උපතක් කියන්නේ වාසනාවක් නේ !!! අපි ඒ දරුවෝ තුන්දෙනාට නිරෝගී සුව පතමු. කොයි රටේ කාගේ උනත් දරු පැටවූ තුන් දෙනෙක් නේ.

    ReplyDelete
  2. @ මධුරංග - ඇත්ත තමයි යාලුවා. ඔයා හිතන විදිහ හරි. වැඩ කිඩ තුලිනුත් ඔවුන්ට නිරෝගී සුවය පතනවා. :)

    ReplyDelete