Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Tuesday, March 8, 2011

Forex ගැන කිව්වම අද ගොඩක් අයට අමුතු Kick එකක් එනවා. මොකද වැඩි දෙනක් කියනවනේ Forex කියන්නේ සල්ලි උල්පතක් කියලා. මම කලින් දාපු Forex ගැන උනන්දු අයට කියන Post එකේදී මෝල්ඩර් ෆයිල්ස් හා toptenptcsites.co.cc කියන යාලුවො දෙන්නා දාලා තිබුනා මේ ගැන ටිකක් විස්තර කරන්න කියලා.


මේක ටිකක් Stock Market එකට සමානයි. ඒත් Forex වලදි ක්‍රියාත්මක වෙන්නේ Money Market Transaction. ඒ කියන්නේ කෙටි කාලීන ගනුදෙනු වෙළඳපලක්. අනික මේකෙදි අපිට Bull Market හා Bear Market කියන අවස්ථා දෙකෙන්ම ලාභ ලබන්න පුලුවන්.


දැන් ඔයාලා බලයි මොකක්ද මේ Bull and Bear Market කියන්නේ කියලා.
..:: හික්ස් ::..


Bull Market කියන්නේ අගය දිගින් දිගටම වැඩිවන වෙළඳපලක්. මොකද හරකා කියන්නේ ක්‍රියාශීලී සතෙක්නේ. ඒත් වලහා කියන්නේ මහම එපා කරපු කම්මැලි සතෙක්. ඒ කියන්නේ Bear Market කියන අවස්ථාවෙදී අගය දිගින් දිගටම වැඩි වෙනවා. ඔන්න ඔය අවස්ථා දෙකෙන් තමයි අපි සල්ලි හොයන්න යන්නේ.


මෙතනදි අපි Buy හා Sell කරන්නේ Currency Pair එකක්. නිකන් අපි Stock Market එකේ Stock Trade කරනවා වගේ.

මේ වගේ ගොඩක් ජනප්‍රිය Currency Pair කීපයක්ම තියෙනවා. එතනින් 90% පමණ දෙනා Use කරන්නේ EUR/USD කියන Pair එක තමයි.

කොහොම උනත් මේ Currency Pair කියන්නේ නිකන් බඩුවක් වගේ තමයි. කඩේ බඩුවල ගාන බලන්නේත් විකුණන්නේත් බරටනේ. Forex වලදී ඔය බර තැබීමට කියන්නේ Lots කියලා. ඒ වගේ පොඩි උදාහරණයකට කියනවනම් අපි කඩේකට ගිහින් හාල් කිලෝ 3 ක් ගන්නවා කියලා හිතන්න කිලෝ එකක් රුපියල් 100 ගානේ. අපි ඕක Forex වලට සමාන කරමු.
බඩුව = හාල් = Forex වලදී EUR/USD
බර  = කිලෝ 3 යි = Forex වලදී Lot Size එක 3 
එකක මිල = රු. 100 = Forex වලදී 1.3534 
මුලු වියදම = රු. 300 = Forex වලදී $ 406,020 ( 1.3534 ‍x 3 x 100,000 )

දැන් ඔයාලා බලයි Forex කරන්න කොහෙන්ද යකෝ මෙච්චර සල්ලියක් කියලා. $ 406,020 ක්? බය වෙන්න එපා ඔය ගානම යන්නේ නෑ ඔයාලට. මෙතනදී එනවා Leverage කියලා එකක්.

ගොඩක් එක එක Forex Traders ලා එක එක Leaverages දෙනවා. මං Forex කරන UWCFX කියන Site එකේ මං Open කරලා තියෙන Account එකේ Leaverage එක 500 : 1 ක්. ඒ කියන්නේ ඔය ගානෙන් 500 න් එකක් තමයි Lot 3 ක් ගන්න යන්නේ. බලන්නකෝ මේ උදාහරනේ.

EUR/USD එකක ගාන 1.3534 ක් තියෙන වෙලාවක් EUR/USD වලින් Lot එකක් ගන්න කීයක් යනවද කියලා බලන්න.

Total Cost = 1.3534 x 100,000 x 1 = $ 135,340 
500 :1 Leaverage එක නිසා යන වියදම = $ 135,340 / 500 = $ 270.68

බලන්න මේ වගේ වෙලාවක අපිට වියදම් වෙන්නේ $ 270.68 විතරයි. ඒත් එච්චර ගානකුත් අපිට ලොකුයි නේ. ඒ නිසා අපි Trade කරනවා පොඩි Lot ඒ කියන්නේ Lot Size එක 0.01 වගේ ඒවා. එතකොට අපිට යන්නේ $ 2.7068 නේ. ඒකියන්නේ $ 2.71 වගේ.

මේ Post එක ලොකු උනා වගේ. මේ දවස් වල ටිකක් Busy. මං ළඟදිම තව Post එකක් දාන්නම්කෝ.

15 comments:

  1. එල එල ජයම වේවා.එලට පොස්ට් එක තියෙන්වා .ගොඩක් thnks bro

    ReplyDelete
  2. නියමයි දිගටම ලියන්න..

    ReplyDelete
  3. හොද පෝස්ට් එකක්.

    ReplyDelete
  4. @ මෝල්ඩර් ෆයිල්ස් - Thanks a Lot මචෝ.

    @ ගීත් | Geeth - දිහටම ලියන්නම්. වෙලාව තමයි ප්‍රශ්නේ සහෝ.

    @ toptenptcsites.co.cc - Thanks මචන්. ඔන්න ඉල්ලීම ඉටු කළා ;)

    ReplyDelete
  5. machan plz mata meka gana ubath ekka katha karana deyak thiyena
    ewagema meka karana hati ahagannath one plz machoo skype walin mawa add karaganin "nirman.1995",..

    ReplyDelete
  6. mama intanet walin salli aranma na at oya kiwwa hnb acunt akanam mama hada gatta puluwannam mata kiyala danna intanet akan salli hoyana hoda kramayak thnks.......

    ReplyDelete
  7. mama oya kiyapu vidihata hnb acunt akak nam haduwa at mama tama intanet akan salli hoyana wadak karalama na sartaka hoda kramayak kiyanta puluwanda mata thanks..............

    ReplyDelete
  8. I just saw the site today,Wow great,you are honest

    ReplyDelete
  9. සුපිරි මචං....මාස ගානක් try කරපු 1ක් ඉගෙන ගත්තා ...forex gana tikak dannawa ath lot case eka supiriyata waduna mcn....tnk tnk තව ඒවා දාපන්කො

    ReplyDelete
  10. සුපිරි මචං....මාස ගානක් try කරපු 1ක් ඉගෙන ගත්තා ...forex gana tikak dannawa ath lot case eka supiriyata waduna mcn....tnk tnk තව ඒවා දාපන්කො

    ReplyDelete
  11. Imagine if you had a robot with 6 years authenticated live proof?

    I just finished a webinar with Mark and his partner, Antony, two days ago and it was AWESOME.

    During the webinar Mark and Antony shared their stories to success and answered questions about their new release of the GPS Forex Robot that is coming out TODAY!

    ReplyDelete
  12. Hot Forex Signals: Buy Forex signals and Best Forex trading signals service provider in the world. Use Hot Forex Signals Trial Package - $ 21.1 for 7 days. For more information: Forex Signals.

    ReplyDelete