Translate

Visit Our Forum

Categories

GPSITSolution.com. Powered by Blogger.

Thursday, February 24, 2011

මතක ඇතිනේ මං Ebay ගැන Post වගයක් දැම්මා. මට Ebay එකන් ඔරලෝසු 3ක් ම ගෙදරට ආවා. ඔන්න මේක බලන් හිටපු අපේ අම්මා ටත් ඕන උනා Ebay එකේ බඩු බලන්න. ඔන්න මම ගෙදර නැති වෙලාවක මල්ලිවත් Set  කරන් Ebay එකේ සාරි බලලා.


මම Ebay එකට දාලා තියෙන්නේ HNB කාඩ් එකක් නේ. ඔන්න මම ගෙදර ආවම මට කියනවා Ebay එකේ ලාබෙට සාරි තියෙනවා එයා මට සල්ලි දෙන්නම් එයාට අරන් දෙන්නලු. සාරි බලලා විතරනම් කමක් නෑ, ලස්සන සාරි වල Item Code එකත් Notepad එකක Save කරලා.


ඔන්න වදෙන් බේරෙන්න බැරි තැන මං එයා බලපු සාරියක් Auction එකකින් $ 1.04 අරන් දුන්නා. Shipping Cost එක $ 2.99 ක්. ඔක්කොම $ 4.03 උනා. දැන් සාරිය එනකන් බලන් හිටියා.


ඔන්න ඊයෙ මම වැඩ කරන ගමන් මට Call එකක් ආවා ගෙදරින්. බැලින්නම් අම්මගෙන්. මම ඇහුවා මොකද කියලා. එතකොට කිව්වා පොඩි පාර්සලයක් ආවා කියලා. මං ඇහුවා සාරියද කියලා. එතකොට කිව්වා සාරියක් වෙන්න බෑ පොඩි ලියුම් කවරයක් වගේ එකක් කියලා.




ඔන්න මං ගෙදර ඇවිත් පාර්සලය බැලුවා. Ebay එකෙන් තමයි. මං කිව්වා මේ සාරිය තමයි කියලා. අම්මා කියනවා සාරියක් කොහොමද මෙච්චර පොඩි වෙන්නේ කියලා. මං පාර්සලය කඩලා බැලුවා. සාරිය තමයි. මේක දැක්කමයි දෙයියෝ සිහි උනේ. යකෝ මේ සාරි රෙද්දෙන් අඹුඩ කෑල්ලක් මහන්නත් මදිනේ. පොඩි Towel එකක් Size මුලු සාරියම. බලන්නකෝ මගේ අතයි මුලු සාරියෙම Size එකයි.


වැඩේ හරියන්නේ නෑ. මං හිතුවා මං මේක ගත්ත එකාට බැනලා හොඳ Feedback එකක් දානවා කියලා. ඔන්න මං Ebay එකට Log වෙලා බැලුවා Item Description එක. හත්වලාමයි. මෙන්න තිබුන Description එක. Unique Vintage Sari Fabric (SMALL PIECE) තව යටින් ගහලා තියෙනවා සාරියේ Size එක මෙන්න මෙහෙම Dimensions are around 1.2 feet and 41 inches Fabric is pure silk. යකෝ මේ මගුල සල්ලි ගෙවන්න කලින් මේක දැක්කේ නෑනෙ.

ඒකේ ගහලම තියෙනවා කෑල්ලක් කියලා. මම කලේ සල්ලි ගෙවපු එක විතරයි. ඕවා බැලුවේ අම්මයි මල්ලියි. Shit ටිකක් Description එක කියෙව්වනම් සල්ලි ටිකත් ඉතුරුයි. ගත්ත එකාට බැනලත් වැඩක් නෑ. මොකද ඌ ඒක ගහලා තියෙනවනේ.


ඔන්න ඔයාලත් Ebay එකේ බඩු ගන්න කලින් හොඳට Description එක කියවන්න. ගාන අඩුවට තිබ්බට වැඩක් නෑ. මොකද ලාබ බඩුවෙ හිලක්ලුනේ. Ebay වල ඉන්න හොරු පොඩි වචනෙන් හොර කරලා Legally බේරෙනවා. අපි වගේ කියවන්නේ නැති හරක් මේවට අහුවෙනවා.
..:: හික්ස් ::..

12 comments:

  1. නියම සීන් එක....

    ReplyDelete
  2. අඩේ පට්ට හික්ස්.. ලොවෙත් නෑ සීන් එක

    ReplyDelete
  3. @ uS - ඔව් බන් මාර සීන් එක තමයි. මාව තාමත් හොල්මන් වෙලා ඉන්නේ.
    @ මෝල්ඩර් ෆයිල්ස් - Mistake තමයි බන්. අපරාදේ සල්ලි. ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දුන්නානම් බල්ලොයි කාක්කොයි හරි Fun එකේ ඉන්නවා.
    @ සූර සරදියල් - ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ බන්. හික්ස්.

    ReplyDelete
  4. හොඳ වෙලාවට ගාන එච්චර ලොකු නැත්තෙ, අනික සහෝ, මේ විකුනන එව්වො, මොන මගුලකටද මේ වගේ රෙද්ද්ඩවල් විකුනන්නෙ, මේක ඇති බෝනික්කෙක්ට සාරි මහන්න. එල එල. මචෝ ඇත්තටම ebay sureද?

    ReplyDelete
  5. HNB debit card eken internet use karanna denawada???

    ReplyDelete
  6. @ සංහිඳ පාමුළ - නෑ මචෝ Ebay එක නම් Sure. ඒත් ඕකෙ Sell කරන ගොඩක් උන් ඔය වගේ ක්‍රම වලින් මිනිස්සුන්ව රවට්ටනවා. ඒත් Top Rated Seller කෙනෙක් නම් බය වෙන්න කිසිම හේතුවක් නෑ.

    @ namila007 - මට ඔයා කියන කතාව පැහැදිලි නෑ යාලුවා. Internet Payment වලට නම් Use කරන්න පුලුවන්. හැබැයි Card එක Payment වලට Activate කර ගන්න ඕනේ.

    ReplyDelete
  7. e bay ake samahara sare walata deposit theyanta keyanawa.a k ahariyana wadakda ?

    ReplyDelete
  8. අවුල තමා....දෙනදෙයියො ගෙට ගෙනැවිත් දෙනවා.....😞

    ReplyDelete
  9. අවුල තමා....දෙනදෙයියො ගෙට ගෙනැවිත් දෙනවා.....😞

    ReplyDelete